ජෙනරල් චාගී ගාල්ලගේ විසින් ඉංග්‍රීසී බසින් මුහුණු පොතේ පලකල Why am I not supportive of JVP (NPP) or Peratugami (JPP) සටහනේ සිංහල පරිවර්තනය මෙසේ පලකරමි.

ඇයි මම JVP (NPP) හෝ පෙරටුගාමි (JPP) ට සහය නොදක්වන්නේ.

හිතවත් යුධ හමුදා සොල්දාදුවනි, නාවික භටයිනි, ගුවන් භටයිනි, පොලිස් නිලධාරී මහතුනි සහ කාන්තාවනි

1971 සිට 1989 දක්වා විහිදුණු කැරැල්ල අතරතුර, සමහර විට අප පාසල් අධ්‍යාපනය ලබන කාලය තුළ, අප බොහෝ දෙනා JVP ප්‍රමුඛ ත්‍රස්තවාදයේ කටුක බව අත්විඳ ඇති අතර, එය මෙහි දීර්ඝ ලෙස ලිවීමට මා අදහස් කරන්නේ නැත.

1987 සිට 1989 දක්වා කාලය අප අත්විඳි ප්‍රචණ්ඩත්වයේ සහ බිය ගැන්වීමේ උච්චතම අවස්ථාව වූ අතර, හමුදාවට බැඳුණු මම මේ වකවානුව වන විට උප ලුතිනන් නිළයේ වගකීම් දැරුවෙමි.

කපිතාන් නිළයට (අණදෙන නිලධාරි – සොල්දාදුවන් 150 කට පමණ අණ දෙන) උසස්වීම් ලැබීමෙන් පසු, මා ආණමඩුව (පුත්තලම දිස්ත්‍රික්කය) සහ දොඩම්ගස්ලන්ද(මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මායිම) යන ප්‍රදේශවලට යොදවනු ලැබුවේ ම්ලේච්ඡ ක්‍රියාවන් සිදුකරන අයවලුන්ට නිසි දඩුවම් ලබාදීම මා විසින් මාගේ උපරිමයෙන් සිදුකොට මාගේ ප්‍රධානීන් උපරිම තෘප්තියට පත්ව#@# තිබූ බැවිනි.

මාගේ පියාවන ධර්මසිරි ගාල්ලගේට සිටි හොඳම මිතුරන් වූයේ මේ වකවානුව තුලදී නැසීගිය මාගේ මාමා වූ හර්ෂ අබේවර්ධන, එජාප මහලේකම්තුමා (1987 දෙසැම්බර් 23 වැනිදා කැරලිකරුවන් පිරිසක් විසින් ඝාතනය කරන ලදී) සහ නන්දලාල් ප්‍රනාන්දු, එජාපයේ පරිපාලන ලේකම්තුමා (1988 මැයි 20 කැරලිකරුවන් පිරිසක් විසින් ඝාතනය කරන ලදී) යන දෙදෙනායි. ඔවුන් මගේ මව සේවය කල කාර්‍යාලයේ උසස් නිලධාරීන්ද විය. ඔවුන් සාමාන්‍යයෙන් අප නිවසට පැමිණ ෆ්‍රීඩා ගාල්ලගේ මාගේ මව විසින් පිළියෙළ කරන සුප් හෝ තේ පානය කිරීමෙන් පසු කෝට්ටේ ඉදිකෙරෙන UNP නව පක්ෂ කාර්යාලයේ ඉදිකිරීම් පරීක්ෂා කිරීම සදහා පිටත්ව යයි.

මාගේ මෑණියන් “සිරිකොත”- එජාප ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරීවරිය ලෙස රාජකාරී කටයුතු කල නිසා (මා සහ මගේ සහෝදර සහෝදරියන් ඉපදීමට පෙර වසර තුනකුත් ඉන් අනතුරුව වසර 23 කුත්, සම්පුර්ණයෙන් වසර 26ක්) මගේ මවට සිරිකොත කාර්යාලයේ සේවයෙන් ඉවත් වන ලෙසටත් , මට හමුදා සේවයෙන් ඉවත් නොවී ගෙදර නොඑන ලෙසටත් දන්වා තර්ජනාත්මක සටහන් සහ ඇමතුම් අපේ නිවසට ලැබීම නිතරම සිදුවිය.

මගේ ජීවිතයට හානියක් සිදුවේයැයි බියෙන්, ම්ලේච්ඡ ක්‍රියාවන් සිදුකරන අයවලුන්ට නිසි දඩුවම් ලබාදෙන තුරු නිවාඩු නොගන්නා ලෙස මගේ මව මට බල කළාය. ඒ වෙනුවෙන් ඇය අශෝක වඩිගමංගාව මහතාගේ නිවස හා සම්බන්ධ කරමින් කිලෝමීටරයක් ​​පමණ දිගුවූ දුරකථන සම්බන්ධතාවයක් මගේ පුද්ගලික භාවිතය සඳහා ලබාදීමට කටයුතු කලාය.

මාගේ මෑණියන් මා බැලීම සදහා දෙවරක් දොඩම්ගස්ලන්දට පැමිණියාය. එකවරක් මාගේ උපන් දිනය වෙනුවෙනුත්#, දෙවන වර මාගේ අණ යටතේ සිටි සියලුම යුධ හමුදා නිළයන්ට කැවුම් , කොකිස්, අතිරස , කේක් සහ රසකැවිලි සංග්‍රහයක් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදීම සදහාත් ය.

මට සාමාන්‍ය අයුරින් හුස්ම අරන් ජීවත්වීමට අවකාශ ලැබුනේ 1989 අග භාගයේ රෝහණ විජේවීර මහතාගේ ආදාහනයෙන් පසුව සහ කුරිරු ම්ලේච්ඡ ක්‍රියාවන් සිදුකරන අයවලුන්ට නිසි දඩුවම් ලබාදීමෙන් පසුවය.

එබැවින් මෙම සිදුවීම් මගේ මනස හා ආත්මය වටා බැඳී පවතින තාක් කල්, මම මගේ ඡන්දය ජවිපෙට හෝ ජවිපෙට පක්ෂව භාවිතා නොකරන අතර, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියලුම නිලයන්ගෙන් තම ඡන්දය බුද්ධිමත්ව භාවිතා කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here