ඇල්පිටිය ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණියක් ඝාතනය කිරීමේ සිදුවීමට පෙර ඇයව පැහැරගත් බවට සැක කෙරෙන සැකකාර ත්‍රීරෝද රථ රියදුරු කරන්දෙණිය පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තමන් කුලී පදනමට එම ගමන ගිය බවත් පසුව අදාළ පුද්ගලයා සහ තරුණිය නානායක්කාර මාවත ආසන්නයේදී බස්සවා ගිය බවත් යි සැකකාර ත්‍රිරෝද රථ රියදුරු එහිදී පොලීසිය වෙත පවසා ඇත්තේ .
සැකකාර ත්‍රිරෝද රථ රියදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් ඝාතනය සම්බන්ධයෙන් සැකය එල්ල වී ඇති අදාළ තරුණියගේ මස්සිනා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා ඇල්පිටිය සහ කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.