2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වන තරගය ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා උගන්ඩා කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 125 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට උගන්ඩා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 183 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ උගන්ඩා කණ්ඩායමට පන්දුවාර 16 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 58 ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here