වාහන ආනයනයේදී සුළු මිල වැඩිවීමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මාන්නගේ පවසයි.
කෙසේ වෙතත් අදියර 4ක් යටතේ නැවත ලංකාවට වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග ඊයේ (08) පැවති සාකච්චාවට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා සිටියේ.
ඒ අනුව පළමුව පොදු ප්‍රවාහන රථ, දෙවනුව යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ගෙන්වීමට අවධානය යොමුව ඇති අතර ඉන්පසුව සාමාන්‍ය මෝටර් රථ සහ සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.