Local
ඉදිරියේ දී ගුවන් හමුදාවට අධි තාක්ෂණ නවීන ගුවන් යානා අමෙරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන්

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සඳහා අධි තාක්ෂණයෙන් යුත් නවීන පන්නයේ විමර්ශන ගුවන් යානා දෙකක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට හිමිවන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ මහතා පවසයි.
Beach King 360 ER මාදිලියේ ගුවන් යානයක් මෙම වර්ෂය අවසානයේදී ඇමරිකාවෙන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත ඕස්ට්‍රේලියාවෙන්ද එවැනි තාක්ෂණයෙන් යුත් ගුවන් යානයක් ලබන වර්ෂය මුලදී මෙරටට හිමිවන බව ගුවන් හමුදාපතිවරයා කීවේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී දළදා මාලිගාවේදී වාර්ෂිකව සංවිධාන කරන දානමය පුණ්‍ය කර්මය නිමිත්තෙන් මහනුවරට පැමිණ (23) දා සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි මහා නායක හිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය හමුවේ ගුවන් හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
අස්ගිරි මහා විහාරයට පැමිණි ඒ මහතා එහිදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැටු අතර අනතුරුව මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා උන්වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරත වූහ.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා රට මෙන් කිහිප ගුණයක විශාලත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් අදාල රටවල් රැසක ආරක්ෂක අංශවල දායකත්වයෙන් විශේෂ සමුළුවක් පැවැත්වූ බවද කීවේය. ඒ සඳහා කලාපීය රටවල් රැසක සහයෝගය හිමිවන බවත් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ආරක්ෂාව සෙසු රටවල් සඳහාද සෘජුව බලපාන බව ගුවන් හමුදාපතිවරයා කීහ.
ඒ අනුව මෙරට මුහුදු ආවේක්ෂණය සඳහා ඉන්දියානු නාවුක හමුදාව මගින් දෝණි 228 විශේෂ යාත්‍රාව නුදුරේදීම ශ්‍රී ලංකාවට හිමිවන බවත් මුහුදු මංකොල්ලකරුවන්, මෙරට සාගරය හරහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, මිනිස් ජාවාරම්කරුවන් නිරීක්ෂණය ආදී සාගර කලාපයේ සිදුවන නීතිවිරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා මැදිහත්වන බවත් ඒ මහතා කීවේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී රාජකාරි රැසක් සිදු කරන බවද මෙම අධිතාක්ෂණ නවීන ගුවන් යානා සහ යාත්‍රා ලද පසුව එම ආවේක්ෂණ රාජකාරි තව තවත් නව තාක්ෂණය හා මුසුව සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
(කේ.එල්. සුරවීර මහනුවර)
Hot News
හිමිනමකගෙන් බැට කෑ සිසුවා රෝහලේ

පාසල් සිසුවෙකුට එම පාසලේ ගුරු හිමිනමක් කළ පහරදීමක් නිසා තුවාල ලැබූ සිසුවා රෝහල්ගත කර තිබෙනවා.
මෙසේ රෝහල් ගතකර තිබෙන්නේ මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකි.
Hot News
Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු

පුද්ගලික ඔත්තුකරුවකගෙන් ලද තොරතුරක් අනුව ලිංගික උත්තේජක පෙති 31750 ක් හා ලිංගික උත්තේජන ජෙල් පැකට් 259 ක් බලපත්‍රයක් නොමැතිව මෙරටට ආනයනය කර ගබඩා කර ගැනීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් හනීෆා මොහොමඩ් රූමි යන අවුරුදු 46ක ව්‍යාපාරිකයකුයි.
සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේ දි මෙම පෙති වර්ග සභ ජෙල් පැකට් ඉන්දියාවේ සිට සූක්ෂමව මාලු බෝට්ටු තුල සඟවා රැගෙන ආ බවත් විකිණීම සඳහා වෙනත් අයෙකුට මුදලට ලබා දෙන තෙක් මෙලෙස ගබඩා කර තිබූ බවටත් අනාවරණය චී ඇත.
සැකකරු හෙට දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ශක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.
Hot News
පස් දරු මවගේ සිරුර රාස්සැල්ලෙන් හමුවෙයි

පන්විල ගල්පිහිල්ල ප්‍රදේශයේ පදිංචිව සිට 80 හැවිරිදි පස් දරු මවකගේ සිරුර වත්තේගම රාස්සැල්ලේ තිබී අද (03) පෙරවරුවේ සොයා ගෙන තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පුරන්කුඹුරෙ ගෙදර විමලාවති නැමැති 86 හැවිරිදි පස් දරු මවකි.
මෙම 86 හැවිරිදි මව දරුවන් සමග නිවසේ පදිංචිව සිට ඇති අතර ඊයේ O2වනදා සවස සිට අතුරුදහන්ව තිබෙි පසුව රාත්‍රී කාලයේ සිට සොයා ඇති අතර අද 03 උදේ වරුවේදී රොස්සැල්ලේ තිබී ඇයගේ සිරුර සොයා ගෙන තිබේ.
ඇය රොස්සැල්ලට පැන දිවි නසා ගත්තාද නැත්නම් වැටී මිය ගියාද යන්න පිළිබඳව වත්තේගම පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මෙම මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී පැවැත්වීමට නියමතව තිබිණ.
වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් මත සැරයන් නවරත්න මහතා සාක්ෂි මෙහෙයවීය.
(මොහොමඩ් ආසික්)
-
Hot News3 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports3 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports1 day ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
Hot News2 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
World15 hours ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News2 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
Hot News3 days ago
වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්