Hot News

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කරනවා – අගමැති

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

උමා ඔය බලාගාරය හරහා ජාතික පද්ධතියට මෙගාවොට් 120ක අතිරේක විදුලි ධාරිතාවක් ලැබීම, ඒ කෙරෙහි සෘජුවම බලපා ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු ඒ බව පැවසුවේ, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version