සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති 4වන T20 තරගය ලකුණු 20කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 154ක් පමණි.

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබිය දී ඉන්දීය කණ්ඩායම 3-1ක් ලෙස තරගාවලිය ජය ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here