අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කර තිබේ.

බිත්තර මිලියන 4 – 5 ප්‍රමාණයක් ගබඩා තුළ පවතින බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ.

දිනකට බිත්තර ලක්ෂ 5 බැගින් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ආනයනික ඉන්දියානු බිත්තරයක මිල රුපියල් 43 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here