World
ඉන්දියාවේ ආගමික සිද්ධස්ථානයක පිපිරීම් මාලාවක්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක පිපිරීම් මාලාවක් සිදු වී තිබෙනවා.
එම පිපිරීම් හේතුවෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම තුවාල ලැබූවන්ගෙන් 18 දෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව සඳහන් වේ.
මෙම පිපිරීම් මාලාව සිදුව ඇත්තේ කතෝලික නිකායකට අයත් අනුගාමිකයන් පිරිසක් සහභාගී වූ යාඥා මෙහෙයක් අතරතුරයි.
ඒ කොචින් නගරයේ සිට කිලෝමීටර 10 ක් පමණ දුරින් සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයකයි.
එම පිපිරීම් සිදු වන අවස්ථාවේ එහි 2000කට ආසන්න පිරිසක් රැස් වී සිට ඇත.
කෙසේ වෙතත්, එහි යාඥා මෙහෙය ආරම්භ වී මිනිත්තු කිහිපයක් අතරතුර පිපිරීම් 3ක් සිදුව ඇති අතර මෙම පිපිරීම් මාලාවට අදාළව එහි වගකීම භාර ගනිමින් 48 හැවිරිදි පුද්ගලයෙක් පොලිසියට භාර වී ඇත.
World
ජොනතන් 191 වැනි උපන්දිනය සමරයි

ගොඩබිම සිටින ලොව වයස්ගතම සත්වයා ලෙස සැලකෙන ජොනතන් නම් කැස්බෑවා ශාන්ත හෙලේනා දූපතේදී ඔහුගේ 191 වැනි උපන්දිනය පසුගියදා සැමරුවා.
වයස අවුරුදු 191 ක් ලෙස වාර්තාවල සඳහන් වූවත් ජොනතන්ගේ වයස අවුරුදු 191 කට වඩා වැඩි බවද පැවසෙනවා.
ජොනතන් ගොඩබිම සිටින ලොව වයස්ගතම සත්වයාට හිමි ලෝක වාර්තාවටද හිමිකම් කියනවා.
1832 වසරේදී නැගෙනහිර අප්‍රිකාවේ උපත ලබා ඇතැයි විශ්වාස කෙරෙන ජොනතන් 1882 වසරේදී සීෂෙල්ස් රාජ්‍යයේ සිට ජොනතන් ශාන්ත හෙලේනා දූපතට රැගෙනවිත් තිබුණා.
ඇසේ සුද පැමිණ අන්ධ වී ඇති නමුත් ජොනතන් හොඳ ශරීර සෞඛ්‍යකින් සිටින බවද වෛද්‍යවරු පවසනවා.
ජොනතන්ට ගඳ සුවඳ දැනීමේ හැකියාව නැති වී ඇතත් කෑම රුචිය නැතිවී ගොස් නොමැති බව වෛද්‍යවරු පෙන්වා දෙනවා.
මේ වනවිට ජොනතන් ශාන්ත හෙලේනා දූපතේ ආණ්ඩුකාරවරයාගේ නිවසේ අවුරුදු 141 ක් ජීවත්ව තිබෙනවා.
World
ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ ජය මෝදිට

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය, ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රාන්ත 4ක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබේ. ඒ අනුව ප්‍රාන්ත 3ක බලය තවදුරටත් තහවුරු කරගැනීමට සමත්ව ඇත.
මෙලෙස භාරතීය ජනතා පක්ෂය හිමිකරගෙන තිබෙන්නේ, මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන් සහ චතිස්ග්‍රා යන ප්‍රාන්තවල ජයයි.මීට පෙර රාජස්ථාන් හි බලය හිමිව තිබූ කොංග්‍රස් පක්ෂයට එහි බලය තහවුරු කරගැනීමට අසමත් වීම සුවිශේෂී කරුණකි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම මැතිවරණයෙන් තෙලන්ගානා හි ජය හිමිකරගැනීමට සමත්ව ඇත්තේ රාහුල් ගාන්ධිගේ නායකත්වය දරන කොංග්‍රස් පක්ෂය බවයි.
මැතිවරණය පැවති ප්‍රාන්ත අතරින් මිසෝරම් හි ඡන්ද ප්‍රතිඵලය හෙට දිනයේ නිකුත් කිරීමට නියමිතව ඇත.
World
Watch : ඊශ්‍රායලය හමාස් යුද්ධය දරුණු අතට

ගම් බිම් අතහැර යන ලෙස දකුණු ගාසා වැසියන්ට හදිසි නිවේදනයක්.යලිත් ඊශ්‍රායලය හමාස් ඉවර කරන යුද්ධය අරඹයි.
-
Hot News3 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports3 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports1 day ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
Hot News2 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
World15 hours ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News2 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
Hot News3 days ago
වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්