ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට් නගරයේ හටගත් ගින්නෙන් මියගිය ගණන 27ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය පිරිස අතර කුඩා ළමුන් 12 දෙනෙකු ද සිටින බවයි.

රාජ්කොට් නගරයේ පිහිටි විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක එම ගින්න හටගෙන තිබුණා ගින්නෙන් මියගිය බොහෝ පුද්ගලයින්ගේ සිරුරු හඳුනාගැනීමට නොහැකි ලෙස පිළිස්සී ගොස් තිබූ බවයි ඉන්දීය වාර්තා පවසන්නේ.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ, එම ගින්න හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ පංච පුද්ගල කමිටුවක් ද පත්කර ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here