ISIS ත්රස්ත සංවිධානය සමග සබඳතා පැවැත් වූ බව කියන, ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්රී ලාංකිකයින් සිවුදෙනාව පිටුපස සිටි ප්රධානියා ලෙස සැලකෙන ‘ඔස්මන් ජෙරාඩ්’ ඊයේ රාත්රියේ අත්අඩංගුවට ගෙන තිබුණා, ඒ කොළඹ ප්රදේශයේදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්රස්ත විමර්ශන කොට්ඨාසය එක්ව සිදුකළ මෙහෙයුමකදී ‘ඔස්මන් ජෙරාඩ්’ මෙසේ අත්අඩංගුවට පත් වුණා.
මෙම ‘මහමොළකරු’ අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පසුගිය සෙනසුරාදා මහජන සහාය ද ඉල්ලා තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු, 46 හැවිරිදි වියේ පසුවන අතර, දෙමටගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක් ද වනවා.
මේ වන සැකකරු රඳවා ගෙන ප්රශ්න කරමින් පවතින බැව් සඳහන්.
මෙම පුද්ගලයා කම්කරු (නාට්ටාමි) රැකියාවේ නිරත අයෙක් බවටද පොලිසිය අනාවරණය කළා.
ඔහු ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සිව්දෙනාගෙන් එක් අයෙකු සමග පිරිස ඉන්දියාවට පිටව යාමට පෙර දින දුරකථනයෙන් කතාබහ කර ඇති බව හා සමීප සබඳතා පවත්වා ඇති බවටද තොරතුරු හෙළි වී තිබෙනවා.
මේ අතර, ආරක්ෂක අංශ සඳහන් කළේ, මෙම අල්ලාගත් ත්රස්තයින් හතර දෙනා මාළිගාවත්තේ දී ‘සහරාන්’ හා සමාන දිවුරුමක් ද ලබා දී ඇති බවයි. (එම දිවුරුමේ ඡායාරූප කිහිපයක් ද ඔවුන්ගේ ජංගම දුරකතනවල තිබී සොයා ගෙන තිබෙනවා.)