ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI ක්‍රමවේදය හෙට (12) සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ පද්ධතිය කොළඹ දී එළිදැක්වීමට නියමිත බවය.

UPI යනු ඉන්දියානු ජාතික ගෙවීමේ සංස්ථාව විසින් හඳුන්වා දී ඇති ඩිජිටල් මූල්‍ය ගෙවීමේ ක්‍රමවේදයක්.

එය ජංගම දුරකථන අංකය මත පදනම්ව ලියාපදිංචි විය හැකි යෙදුමක් වන අතර සරල පියවර කිහිපයක් මගින් ඕනෑම බැංකුවක් හරහාද ගනුදෙණු කිරීමට හැකියාව පවතිනවා.

ඒ අනුව එම ක්‍රමවේදය යටතේ ලියාපදිංචි වී ඇති ඕනෑම බැංකුවක් හරහා ක්ෂණිකව ගෙවීම් කටයුතු කිරීමට පුද්ගලයෙකුට හෝ වෙළඳ ආයතනයකට අවස්ථාව හිමි වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here