T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලකුණු 68කින් ජයගෙන ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටය.
ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කළේය.
තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 172කි.
ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය එංගලන්තයට සියලු දෙනා දැවී ලබා ගත් හැකිවූයේ ලකුණු 103ක් පමණි.