උතුරු සහ මධ්‍යම ඉන්දි­යාවේ පව­තින අධික උෂ්ණ­ත්වය නිසා ඊයේ (31) දිනයේදී පුද්ග­ල­යන් 15 දෙනකු මියගොස් ඇතැයි පත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 50 පසු­කර ඇති ඔඩීෂා පළාතේ පම­ණක් මරණ 10ක් වාර්තා වන බවත්, නව­දි­ල්ලිය, බිහාර්, රාජ­ස්තාන් සහ ජාර්කන්ඩ් පළා­ත්ව­ලින් සෙසු මරණයන්ද වාර්තා වෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

වැඩිම මරණ සංඛ්‍යා­වක් වාර්තා වන ඔඩීෂා පළාතේ රෝහල් සඳහා අධික උෂ්ණත්වය දරා ගැනීමට අපහසුතාවයෙන් පුද්ග­ල­යන් 40කට අධික සංඛ්‍යාවක් ප්‍රථිකාර සඳහා ඇතු­ළත් කර තිබෙන බවත් එම මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here