

Politics
ඉන්දීය මුදල් අමාත්‍යවරිය යාපනයේ සංචාරයක(ඡායාරූප)
තෙදින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මාලා ශීතාරාමන් මහත්මිය අද (03) යාපනය සංචාරයෙන් පසුව ඉන්දියාව බලා පිටත්විණ.
යාපනයේ නව තාක්ෂණ හා නිපැයුම් වෙළඳ ප්‍රදර්ශනය නිරීක්ෂණයට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍යවරිය පිළිගනු ලැබුවේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසිනි.
යාපනය වෙත පැමිණි ඉන්දීය මුදල් අමාත්‍යවරිය යාපනය පුස්තකාලය හා නල්ලූර් කෝවිල නිරීක්ෂණය කළ අතර, යාපනය ඉන්දීය අයෝජන බැංකු ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවටද එක්විය.
යාපනය සංස්කෘතික ශාලාවේ පැවති හමුවේදී අදහස් දක්වමින් උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ප්‍රකාශ කලේ ,
“ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර එදා සිටම සමීප සබඳතාවයක් පවතින බවත් මෙරට අවශ්‍ය අවස්ථාවන්හීදී විවිධ අයුරින් සහයෝගය දැක්වීම ගෞරවයෙන් සිහිපත් කළ යුතු බවයි.
උතුරරේ මෙන්ම මෙරට ජනතාවගේ ජීවින තත්වය නංවාලීමට, නිවාස ව්‍යාපෘති ඇතුලු සංවර්ධන වැඩසටහන් සඳහා දායකත්වය ලබාදීම මෙන්ම විශේෂයෙන් යුද්දය නිමාවීමෙන් පසුව මෙම පලාත සංවර්ධනය උදෙසා ඉන්දීය රජය දැක්වූ දායකත්වය පළිබඳව ස්තූතිය පුදකල යුතු බව පැවසීය. එමෙන්ම අපරටට ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලබාගැනීමේදී ඉන්දීය රජය පූර්ණ සහය ලබාදීම පිළිබඳව සිහිපත් කළ ආණ්ඩුකාර වරිය ඉන්දීය මුදල් අමාත්‍යවරියගේ සංචාරය මෙරට හා ඉන්දියාව අතර සමීපතාවය තවදුරටත් වර්ධනය කිරීමට පිටුවහලක් සැලසෙතැයි පැවසීය.
වැඩසටහන් අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුලු පිරිසක්ද එක්ව සිටියහ.
(වවුනියාව මාධව කුලසූරිය)




Politics
ගුවන් විදුලිය හා රූපවාහිනිය පොදු සමාගමක් වෙයි

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පැවසුවා.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277 ක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වනවිට රුපියල් මිලියන 457 ක්ද අලාභ ලබා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම මාධ්‍ය නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට අපහසු බවත්, ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටිනවා.
Politics
සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යන ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (28) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවිය.
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව බවත්, ඒ සඳහා සිය කෘතඥතාව පළ කරන බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම තම ධුර කාලය තුළදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීම සඳහා දැක්වූ සියලුම ආකාරයේ සහයෝගයන්ටද කථානායකවරයා සිය ස්තුතිය පුද කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සාධනීය ස්ථාවරයක සිටින බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහෙදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.
Politics
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට

සමගි ජන බලවේගයේ පස්සර සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙලෙස අදාළ ඉවත්කිරිම සිදුකර ඇති බව වාර්තා වෙයි.
-
World1 day ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World2 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports2 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News1 day ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්? පොලිස්පති කාර්යාලයෙන් ඉවත් වෙයි
-
Sports2 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Hot News1 day ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Hot News3 days ago
Watch : පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගත් ජීප් රථය කාගේද ?