Hot News
ඉන්දීය මුදල් අමාත්‍යවරිය මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැදකී (ඡායාරූප)

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ඊයේ (01) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදුටුවාය.
ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ඉන්දීය රජය දක්වන සහය අගය කරන බව එහි දී මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ පැවසූහ.
ඉන්දීය මුදල් අමාත්‍යවරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් ජත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ කරුණු දක්වමින් දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලංකීය ජනතාවගේ කෘතඥතාව ඇයට හිමිවන බව ද උන්වහන්සේ කීහ.
ආර්ථික අර්බුදය හමුවේ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දෙමින් නිරන්තරව සහෝදර රටක් ලෙස සහයට සිටි බවත් ඉදිරියේදීත් එම සහෝගය අපේක්ෂා කරන බවත් කී මහනාහිමියෝ දෙරට අතර පවත්නා ආගමික හා සංස්කෘතික බැඳීම තව දුරටත් වර්ධනය වීමට මෙය හේතු වනු ඇති බව ද අවධාරණය කළහ.
සහෝදර රටක් ලෙස ඉන්දීය නිරන්තරව ශ්‍රී ලංකාවේ සහයට සිටින බව මෙහි දී සීතාරාමන් මහත්මිය කීවාය.
ඉන්දීය මුදල් ඇමැතිවරිය අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද බැහැදැක සාකච්ඡාවක නිරත වූවාය.අනතුරුව ඇය ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මහා විෂ්ණු දේවාලය වන්දනා කිරීමට ගියාය.
මෙහි දී අදහස් දැක්වූ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරාක බාලසූරිය මහතා ඩොලර් මිලියන 15 ක මුදලක් විහාරස්ථාන සංවර්ධනය සඳහාත් තවත් ඩොලර් මිලියන 10 ක් විහාරස්ථාන වල සූර්ය පැනල සවි කිරිමටත් ඉන්දීය රජය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ උපදෙස් මත වෙන්කර ඇති බව ඉන්දීය මුදල් අමාත්යවරිය කී බවද සඳහන් කළේය.
ඊට අමතරව වතුකරයේ නිවාස 10000 ක් ඉදි කිරිමට සැළසුම් කර තිබෙන බවත් ඊට අදාළ උත්සවයකට ද ඉන්දීය මුදල් ඇමැතිවරිය සහභාගි වන බවත් කීවේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය අතීරා.එස්., මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් එස්.සෝමරාජ් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(කේ.එල්. සුරවීර මහනුවර)




Hot News
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි

මුදල් සෙවීමේ අරමුණින් සිය 14 හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූපයක් ලබාදෙන ලෙස බිරිඳ කළ ඉල්ලීමකට ඇති වූ ආරවුලක් මත බිරිඳ විසින් කඩුවකින් පහර දී සැමියා ඝාතනය කර තිබෙනවා.
මෙම සිද්ධිය වාර්තා වන්නේ කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයෙන්.
මීට පෙර ද සැමියාගේ විසින් මෙම ඉල්ලීම සිදුකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් බිරිඳ සහ ඔහු අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිව තිබෙන බව සඳහන්.
ඊයේ(03) දිනයේද එම පුද්ගලයා බිරිඳගෙන් සිය දියණියගේ ඡායාරූප ඉල්ලා බිරිඳ සමඟ බහින් බස් වී ඇති අතර, එය දුර දිග ගොස් බිරිඳට පහර දී තිබෙනවා.
එම අවස්ථාවේ දී බිරිඳ සැමියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර පසුව ඇය විසින් නිවසේ තිබූ කඩුවකින් සැමියාගේ බෙල්ල ප්‍රදේශයට සහ කකුලකට පහර දී ඝාතනය කර තිබෙන බවයි අනාවරණය වන්නේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් 36 හැවිරිදි මව වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය අද (04) දිනයේදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Hot News
Watch : පුහුණුවීම් අතරතුර පාපැදිකරුවෙකු රිය අනතුරකින් මරුට

අනුරාධපුර ගෙවල් 55 ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදෑසන පාපැදිකරුවෙකු සිය පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටින අතරතුර එම පාපැදිකරු හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර බරපතල තුවාල ලැබූ පාපැදිකරු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර, මලියදේවපුර පදිංචි 59 හැවිරිදි තිදරු පියෙකි.
සැකපිට මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර පොලිසියේ රථවාහන අංශය නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
(ඉන්දික රංගජිව – අනුරාධපුරය)
Hot News
Watch : තරංගගේ ප්‍රධානත්වයෙන් නව තේරීම් කමිටුවක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව නව ක්‍රිකට් තේරීම් කමිටුව පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
-
Hot News4 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports4 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports2 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World2 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News3 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
Hot News3 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News4 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
World2 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්