Hot News

ඉන්ධන පිරවුම්හලකට බෝම්බ ප්‍රහාරයක්

අද (12) දින අලුයම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු  කඩුවෙල කො⁣රතොට ප්‍රදේශයේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසනවා.

ඉන්ධන පිරවුම්හල වසා තිබූ අවස්ථාවේදී කඩුවෙල අතුරුගිරිය ප්‍රධාන මාර්ගයේ යතුරුපැදිය නවත්වා අදාල පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇතත් එය පුපුරා ගොස් නැතැයි ද පොලිසිය පවසයි.

මෙම ඉන්ධන පිරවුම්හලෙහි හිමිකරුගේ නිවස ඉදිරිපිට ද දැනට මාස කිහිපයකට පෙර වෙඩි තබා පලා යාමේ සිද්ධියක් ද වාර්තා වී ඇති අතර මෙය විදේශගතව සිටින “කයිවාරු මුතූවා” විසින් මෙහෙයවනු ලබන සිද්ධීන් ජාලයක් බවට ද පොලිසිය සැක පල කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version