Connect with us

Hot News

ඉරානය සමඟ වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යාම අරමුණයි – ජනපති

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් අද (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට එක් වූ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

දෙරටේ නායකයන් එක්ව සමරු ඵලකය නිරාවරණය කර “උමා දිය ජනනී” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දුන් අතර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විදුලි ජනන යන්ත්‍ර පණ ගන්වා මෙහෙයුම් කටයතු ආරම්භ කිරීම ද ජනාධිපතිවරු දෙදෙනා අතින් සිදු කෙරිණි.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඉරානයේ සහාය නොවන්නට ශ්‍රී ලංකාවට උමා ඔයෙහි ජලය කිරිඳිඔයට ගෙන යාමට හැකියාවක් නොලැබෙනු ඇති බවයි. ඒ පිළිබඳව ඉරාන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සිය ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරානය සමඟ වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යාම ශ්‍රී ලංකාවේ අරමුණ බවද පැවසීය.

ගෝලීය දකුණේ රටවල් සිය අනන්‍යතාව සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට ඇති කැමැත්ත මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ගෝලීය දකුණේ රටවල් එක්ව නැගී සිටිය යුතු බව ද අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් පමණක් නොව ආසියානු කලාපයේ ජාතින් අතර උපරිම සහයෝගිතාව, ඒකාබද්ධතාවය, සහජීවනය සහ එකමුතුකමේ සහතිකයක් ද වන බවයි.

ශ්‍රී ලංකාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව මෙහිදී සහතික කළ ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික හා ඉංජිනේරු සේවා සැපයීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා දායක වීමට ඉරානය සූදානමින් සිටින බවද සඳහන් කළේය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ආචාර්ය ජමිලේ සදාත් අලමොල්හෝදා මැතිණිය ප්‍රමුඛ දූත පිරිස අද (24) පෙරවරුවේ මත්තල ගුවන් තොටුපළින් මෙරටට ළඟා වූහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් විසින් එහිදී ඉරාන ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස මහත් හරසරින් පිළිගනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා ශ්‍රි ලංකාවේ එක්දින නිල සංචාරයකට එක්ව සිටින අතර 2008 වසරේ අප්‍රෙල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතාගේ සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

සිය සංචාරය සනිටුහන් කරමින් ඉරාන ජනාධිතිවරයා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ තැන්පත් කර තිබූ විශේෂ ආරාධිතයන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය (UOMDP) ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛ ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි.

මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතය.

ඉරානයේ ෆරාබ් (FARAB) සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන අතර සම්පූර්ණ කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514 ක් වන අතර කොන්ත්‍රාත්තුව 2010 මාර්තු 15 දින සිට බලාත්මක විය. ඉරානයේ අපනයන සංවර්ධන බැංකුව (EDBI) පළමුව 2013 වන තෙක් ඩොලර් මිලියන 50 ක් අරමුදල් සම්පාදනය කළේය. කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව එම කාලයේ පැනවුණු ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන්, ඔවුන්ට දිගටම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට නොහැකි විය. එබැවින් අදාළ කොන්ත්‍රාත්කරු වූ ෆරාබ් සමාගම සමඟ රජයේ අරමුදල් යොදා ගනිමින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා රජය තීරණය කළේය.

2010 මාර්තු 15 වැනි දින ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාව වන විට, ව්‍යාපෘතිය නිම කිරීමට නියමිත දිනය 2015 මාර්තු 15 වැනිදා ලෙස දැක්විණ. නමුත් ප්‍රධාන වශයෙන් අනපේක්ෂිත ලෙස ප්‍රධාන උමඟට (Headrace tunnel) ජලය ඇතුළු වීමේ තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙන්ම සමාජ බලපෑම්, මූල්‍ය අභියෝග ගෝලීය ගැටලු සහ ඉදිකිරීම් කාලය තුළ ඇතිවූ Covid-19 වසංගතය, හේතුවෙන් ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය 2024 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇති අතර ව්‍යාපෘතියේ අඩුපාඩු සහ වගකීම් කාලය සමඟ මුළු කාලසීමාව 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇත.මෙම ව්‍යාපෘතිය 2024 පෙබරවාරි සහ මාර්තු මාසවලදී එහි මූලික ක්‍රියාත්මක කිරීමේ අදියර සම්පූර්ණ කර ඇති අතර ඒකක 01 සහ 02 ජාතික ජාලය සමඟ සාර්ථකව සම්බන්ධ කර ඇත. 2024 අප්‍රේල් 1 වැනි දින අත්හදා බැලීමේ මෙහෙයුම් ආරම්භ විය.

විදුලිය උත්පාදනය කිරීමෙන් පසු, එම ජලය උමගක් ඔස්සේ කිරිඳි ඔය හරහා ඉදිකරන ලද අලිකෝට ආර ජලාශයට හරවා යවනු ලැබේ.

ඉන්පසු එම ජලය උමා ඔය ජලාශයේ වම් ඉවුරේ පිහිටි මෙම ව්‍යාපෘතිය යටතේ ධාරිතාව තුන් ගුණයකින් වැඩි කර ඇති හඳපානාගල ජලාශයට සහ මෙම ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, මහාරගම, තනමල්විල, බලහරුත වැනි ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා උමා ඔය දකුණු ඉවුරේ ඉදි කෙරෙමින් පවතින නව කුඩා ඔය ජලාශයටත් හරවා යවනු ලැබේ. මීටර් 60 කට වැඩි දිගකින් යුත් වාරි පද්ධතියක් ද ඉදිවෙමින් පවතී. මෙම වාරි ක්‍රම මඟින් යල සහ මහ දෙකන්නයේම දැනට පවතින වගා බිම් හෙක්ටයාර 1500කට සහ අලුතින් සංවර්ධනය කරන ලද ඉඩම් හෙක්ටයාර 4500කට වාරි ජලය සැපයීමට අපේක්ෂා කෙරේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු දායකත්වයෙන් ක්‍රියාත්මක වන උමාඔය පහළ ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් කිරිඳිඔය ද්‍රෝණියේ දීර්ඝ කාලයක සිට ගැටලුවක්ව පැවති ජල හිඟය සම්පූර්ණයෙන් අවසන් වන අතර, ලැබෙන ජලයෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් ඒකාබද්ධ කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස රජය අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. එමෙන්ම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බණ්ඩාරවෙල සහ වැල්ලවාය ප්‍රදේශවල පානීය හා කර්මාන්ත අවශ්‍යතා සඳහා ජලය ලබාදීමේ ගැටලුවට ද විසඳුම් ලබා දී තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

අද මෙම අවස්ථාවට සහභාගිවීමට කරන ලද ආරාධනය පිළිගැනීම පිළිබඳව මම ඉරාන ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. මෙම අවස්ථාව අප දෙරට අතර වඩා සමීප සබඳතාවක් ඇති කළ අවස්ථාවක් ලෙස මා දකිනවා.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ මගේ ධූර කාලයට පෙර සිටි නායකයන් බව කිව යුතුයි. ඒ වගේම වියළි කලාපයට ජලය ලබාදෙන මෙම ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ උනන්දුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් දක්වනු ලැබුවා. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ වගකීම හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් භාරගෙන කටයුතු කළා.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. නමුත් අප දෙරටටම අභියෝගවලට මුහුණ දී මනා පළපුරුද්දක් තිබෙනවා. ඒ නිසා අපි මෙම අභියෝගයටද සාර්ථකව මුහුණ දුන්නා.

ඒ වගේම මෙම උමා ඔය ව්‍යාපෘතිය අප දෙරටේම පැරණි වාරි සම්ප්‍රදායන් දෙකෙහි එකතුවක් ද වෙනවා. ඉරානයේ පරිසියාව සහ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ වාරි සම්ප්‍රදාය මෙහි තිබෙනවා. ඉරානයේ තාක්ෂණික දැනුම නොතිබෙන්නට අපට උමා ඔයේ ජලය කිරිඳිඔයට ගෙන යාමට අවස්ථාවක් නොලැබෙන බව කිව යුතුයි.

ඉරානයේ තාක්ෂණික හැකියාව සෑම ක්ෂේත්‍රයක් පුරාම විහිඳී ගොස් තිබෙනවා. ඉරානය සිය රටේ තාක්ෂණික දියුණුව තමන් විසින්ම පවත්වාගෙන යන රටක් බව ද කිව යුතුයි. ඒ නිසා අප දෙරටටම පොදු කරුණු අප විසින් ශක්තිමත් කරගත යුතුයි. අප සියලු දෙනා ගෝලීය දකුණේ රටවල්. ගෝලීය දකුණේ රටවල් සිය අනන්‍යතාවය සහ ස්වාධීනත්වය තහවුරු කර ගනිමින් සිටින අවස්ථාවක මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් වෙනවා.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා ඉරානය අපේ රටේ වියළි කලාපයේ ජනතාවට ජලය ලබාදීමට දායක වී තිබෙනවා. එමඟින් එම ජනතාවට අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දී තිබෙනවා. වියළි කලාපයට ජලය ලබාදීම යනු එම කලාපයේ ජනතාවට ජීවත්විමේ අයිතිය ලබාදීමයි. ගිරුවාපත්තුවෙන් මෙහා මාගම්පත්තුවේ තිබෙන නියඟය නිසා එම ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. එසේ නම් අද අප සිදු කර තිබෙන්නේ උඩවලවේ තිබෙන බහුකාර්ය ක්‍රමය, කිරිඳිඔයට ගෙන ඒමයි.

එම වාරි ක්‍රමවේදය වගේම හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නව ආයෝජන කලාපයක් ආරම්භ කිරීමට ද අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා චීනයේ සිනොපෙක් සමාගමට ඉන්ධන පිරිපහදුවක් සඳහා අප දැනටමත් අනුමැතිය ලබා දී තිබෙනවා. මේ සමඟ හම්බන්තොට දිස්ත්‍රික්කයට නව ආර්ථිකයක් ලැබෙනවා.

මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා හෙක්ටයාර් 6000ක් යල මහ දෙකන්නයේ වගා කිරීමට ගොවි ජනතාවට හැකියාව ලැබෙනවා. ලංකාවේ වැඩිම වී නිෂ්පාදනයක් සිදු කරන්නේ උඩවලවේ ප්‍රදේශයයි. ඒ වගේම දැන් හම්බන්තොට ප්‍රදේශයේද එම කටයුතු සිදු කිරීමට හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ සමඟ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන දකුණු පළාත තුළ ද ආරම්භ කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයට ද මෙමඟින් විශාල දායකත්වයක් ලැබෙනවා.

ඒ වගේම මෙම ව්‍යාපෘතිය මඟින් මෙගා වොට් 120ක ජල විදුලි බලයක් උත්පාදනය කෙරෙනවා. ගෝලීය දකුණේ දියුණුවන රටවල් ලෙස ඉරානය සහ ශ්‍රී ලංකාව එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මීට වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යමු කියා මම ප්‍රකාශ කරනවා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

නුවරඑලියේ 330 දෙනෙක් විජයදාසගෙන් සාම විනිසුරු පත්විම් ලබා ගනී

නුවරඑලිය දිස්ත්‍රික්කයේ 330 දෙනෙකුට සාම විනිසුරු පත්විම් සහතික පත් ලබාදිම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

හැටන් කුඩාඔය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවකදි (25) දින පස්වරුවේ මෙම පත්විම් සහතික පත් ලබාදිම සිදු කරනු ලැබුහ.

කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් ( සමගි ජන බලවේගය) මහතාගේ ඉල්ලිමක් මත නුවරඑලිය දිස්ත්‍රික්කයේ 330 දෙනෙකුට සාම විනිසුරු පත්විම් සහතික පත්‍ර ලබාදිමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කර තිබුණි.

නුවරඑලිය දිස්ත්‍රික් සර්ව ආගමික නායකයින්ට , ගුරුවරුන්ට , රාජ්‍ය නිලධාරින්ට, සමාජ ක්‍රියාකාරිකයින්ට සහ මාධ්‍යවේදින්ට මෙසේ සාම විනිසුරු පත්විම් සහතික පත් ලබාදිම සිදු කෙරිණ.

මෙම උත්සවයේදි අදහස් දැක් වු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ දිවයිනේ ප්‍රථම වරට විශාල පිරිසකට සාම විනිසුරු පත්විම් ලබාදුන් ප්‍රථම අවස්තාව මෙය බවයි.

මෙම පත්විම් ලබාගත් සියළුම සාම විනිසුරුවරුන් මහජනතාවගේ අවශ්‍යතාවයන් උපරිම අයුරින් ඉටු කිරිමට කටයුතු කලයුතු බවයි.

සාම විනිසුරු පත්විම් සහතික පත් ලබාදිමේ අවස්තාවට අධිකරණ අමාත්‍යංශයේ උසස් නිලධාරින් රැසක් සහභාගි විය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Continue Reading

Hot News

28 වෙනිදා කඩුගන්නාවෙන් නුවර පාර වසා දමයි

අවදානම් සහිත ගල් ඉවත් කිරීම සඳහා අනිද්දා (28) නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීමට තීරණය කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසනවා.

එය වසා දමන වේලාව සම්බන්ධයෙන් ඉදිරියේ දි දැනුවත් කිරීමට නියමිත බවයි කියන්නේ.

එම ගල් ඉවත් කිරීම සඳහා පැය දෙකක පමණ කාලයක් අවම වශයෙන් ගතවනු ඇති බවයි එම සංවිධානය පවසන්නේ.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හමුවේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයට ගල් පෙරලීමෙ අවධානමක් පවතිනවා.

ඒ හේතුවෙන් එම කොටසේ රථවාහන ධාවනය කිරීමේ වඩාත් සැලකිලිමත් විය යුතු බව දැනුම් දෙනවා. කඩුගන්නාව මගහැර හැකිතාක් විකල්ප මාර්ග ඒ සඳහා භාවිතා කිරීම ඉතා වැදගත් බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

Continue Reading

Hot News

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මියයයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා ලෙස කටයුතු කරන Jean Francois Pactet මහතා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

මියයන විට එම මහතා 53 හැවිරිදි වියේ පසුවිය.

දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති අතර දේහය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

Continue Reading
Advertisement
Sports22 mins ago

කොල්කටා පන්දු යවන්නන් හමුවේ සන්රයිසස් පිතිකරුවන් අසරණ වෙයි

Politics56 mins ago

Watch : “සටන අරඹමු රජරටින්” ලොකු සෙනඟක් එක්ක පොහොට්ටුව තලාවෙන් වැඩ අල්ලයි

Politics1 hour ago

ගුරුවරු සටන් පාඨ කියමින් මහ පාරේ කෑ ගසනවානම් සිසුන් ඔබව පිළිගන්නේ නැහැ – ජනපති

Politics1 hour ago

ශ්‍රී ලංකාවේ ලොකුම සහ ශක්තිමත්ම සන්ධානය අපි හදනවා – අමරවීර

Hot News2 hours ago

නුවරඑලියේ 330 දෙනෙක් විජයදාසගෙන් සාම විනිසුරු පත්විම් ලබා ගනී

Hot News2 hours ago

28 වෙනිදා කඩුගන්නාවෙන් නුවර පාර වසා දමයි

Politics3 hours ago

සමාජ මාධ්‍යයේ බොරු මඩ ප්‍රචාර කරනවා වෙනුවට මාත් එක්ක ජනතාවට සේවය කරන්න එන්න – සජිත්

Hot News3 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මියයයි

Hot News3 hours ago

වව්නියාව විශ්වවිද්‍යාලයට නව වෛද්‍ය පීඨයක්

Hot News4 hours ago

ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Hot News4 hours ago

සැකකරුගේ පා පහරින් කොස්තාපල් රෝහලේ

Hot News4 hours ago

රට ගොඩ නැඟීමට නම් පැරැණි ආර්ථික ගමන මෙන්ම දේශපාලන ගමන ද වෙනස් විය යුතුයි – ජනපති

Hot News4 hours ago

රාජසිංහ රජු පූජාකල පස්ලෝහමය බුද්ධ ප්‍රතිමාව එක්කෝටි විසි ලක්ෂයකට විදේශිකයකුට විකුණන්න ගිය යකැදුරා මාට්ටු

Hot News6 hours ago

මංගල උත්සවයක ගුටි කෙළියක් – තිදෙනකු රෝහලේ

Hot News6 hours ago

යාපනය දිස්ත්‍රික්කය සඳහා නව ගුරු පත්වීම් 375ක්

Politics7 hours ago

ජනපති විග්නේෂ්වරන්ගේ සුව දුක් විමසයි

Hot News7 hours ago

කොළඹ මාර්ග කිහිපයක් අදත් වැසෙයි

World10 hours ago

දිල්ලියේ ළමා රෝහලක ගින්නක් – බිළිඳුන් 6 දෙනෙකු ජීවිතක්ෂයට

Hot News11 hours ago

ඇල්ල – වැල්ලවාය නායයෑම පරීක්ෂාවට විශේෂ කණ්ඩායමක්

Hot News11 hours ago

කොළඹ තියෙන ගස් ගැන නවතම පරීක්ෂණ වාර්තාවකින් හෙළි වූ දේ මෙන්න

Hot News11 hours ago

Watch : වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් ගසක ගැටී දරුණු අනතුරක්

Hot News11 hours ago

Watch : තල්මසුන්ගේ වමනය හෙවත් අම්බරු කිලෝ 30ක් සමඟ පුද්ගලයෙක් අල්ලයි

Hot News12 hours ago

2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳ‌වීම හෙට සිට

Politics12 hours ago

වඩාත් ප්‍රායෝගික දේශපාලනයක් පොහොට්ටුව සතු වීම ගැන මම ආඩම්බර වෙනවා – නාමල්

Hot News12 hours ago

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Hot News12 hours ago

රේගුවේ රැකියා දෙන බව පවසා මුදල් ගැනීමේ ජාවාරමක්

Sports13 hours ago

IPL ශූරයින් කවුද ? ලොව ජනප්‍රියම ක්‍රීඩා සැණකෙළියේ අවසන් තරගය අද

Hot News13 hours ago

ඉන්දියාවේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නක් – කුඩා ළමුන් 12ක් ඇතුළු 27ක් ජීවිතක්ෂයට

Weather13 hours ago

වැස්ස වැඩිවෙයි – සුළං සැරවෙයි

Article24 hours ago

ලාල් කාන්ත කීවේ ඇත්තකි !

Hot News3 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News5 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News3 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News3 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports7 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News6 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports7 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News5 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News5 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local7 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local7 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News1 month ago

කිරිපිටි මිල පහළට

Hot News2 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News4 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News5 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World7 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News3 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News5 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports7 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News4 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World7 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World6 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News4 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News6 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News5 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News5 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News2 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Politics56 mins ago

Watch : “සටන අරඹමු රජරටින්” ලොකු සෙනඟක් එක්ක පොහොට්ටුව තලාවෙන් වැඩ අල්ලයි

Hot News11 hours ago

Watch : වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් ගසක ගැටී දරුණු අනතුරක්

Hot News1 day ago

Watch : බිස්කට් එකක් අරන් එන්න කඩේට ගිය ආච්චි අම්මා පාලමෙන් ඇද වැටී අවසන් ගමන් යයි

Hot News2 days ago

Watch : සරණක් නැති බලු පැටවුන්ට සෙවණක් සොයා දෙන අපූරු දන්සල

Hot News2 days ago

Watch : ශ්‍රී පාද වන්දනා වාරය අවසන් – සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ වැඩම කෙරේ

Hot News2 days ago

Watch : ඉරාන ජනාධිපතිතුමන් නිවන් සුව පතා වැල්ලවායේ නූඩ්ල්ස් දන්සැලක්

Hot News3 days ago

Watch : ජෙනරේටරයක් දාගෙන නින්දට ගිය පිය පුතු දෙදෙනා නින්දේදීම අවසන් ගමන් යයි

Hot News3 days ago

Watch : වෙසක් පොහොදා විමල් වීරවංශගෙන් සුපිරිම ගීතයක් මේක නම් අහන්නම ඕන සින්දුවක්

Hot News4 days ago

Watch : විශ්‍රාම යන ලංගමේ රියදුරුට ගමේ මිනිස්සු දුන්න අමතක නොවන සමුදීම

Hot News5 days ago

Watch : එක්ස්කියුස් මී නොකියා පන්තියට පැමිණියාට උරණ වූ පාසලේ ගුරුවරයා සිසුවියට සිදුකළ නරුම වැඩේ

Hot News6 days ago

Watch : සජිත් දුන් දිනයකට අනුර එකඟ වෙයි

Hot News6 days ago

Watch : කසිප්පුකාරයෝ බේරන්නේ නැති නිසා ඇමතිට මළපැනලා

Hot News1 week ago

Watch : සනත් නිශාන්ත සිහි වූ බිරිඳ චමරි සංවේදී වෙයි

Hot News1 week ago

Watch : අධික වේගය කරපු විනාශයක් – බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Hot News1 week ago

Watch : Foxhill ඛේදවාචකයෙන් මියගිය 16 හැවිරිදි පුංචි සත්සරණීත් ගමක් හඬවමින් යන්නම යයි

Hot News1 week ago

Watch : රංගන ශිල්පී කාවිංග පෙරේරා යුඑන්පියට

Hot News1 week ago

Watch : සජිත්ටත් ඇලඩින්ගේ පුදුම පහන වගේ මේක එකපාර වෙනස් කරන්න බෑ

Hot News1 week ago

Watch : ට්‍රැෆික් නිලධාරියා මතට ගසක් කඩා වැටී දරුණු අනතුරක්

Hot News1 week ago

Watch : මිරිස්කුඩු වලින් සෙල්ලම් දාපු ඇමති ප්‍රසන්න ගුවන්තොටුපළේ සේවකයෙක්ට ගහලා

Hot News2 weeks ago

Watch : ආණ්ඩුවෙන් නිකන් දුන්න හාල් කාලා මැරුණ කුකුලන්ගේ ප්‍රශ්ණය පාර්ලිමේන්තුවට යයි

Sports2 weeks ago

Watch : වනිඳු ඇතුළු සිංහ පැටව් T20 ලෝක කුසලානයට පිටත්ව ගිය හැටි මෙන්න

Hot News2 weeks ago

Watch : කැරට් කැබැල්ලක් සිර වී දරුවෙකු ජීවිතක්ෂයට

Hot News2 weeks ago

Watch : දින 20කට පසු කොටු වූ සුසිත්ගේ පෙම්වතිය මුල සිට අගට සිදු වූ සියල්ල වමාරයි

Hot News2 weeks ago

Watch : මහ වැස්සේ දකුණු අධිවේගයේ අනතුරක්

Hot News2 weeks ago

Watch : කලු පාට වෙස්මුහුණු දාගෙන ආපු කල්ලියක් ව්‍යාපාරික ස්ථානයකට කඩා පනී

Hot News2 weeks ago

Watch : වැලිපැන්නෙන් ආයුධ ගබඩාවක් මතුවෙයි

Hot News2 weeks ago

Watch : සුසිත්ව නිහඬ කළ ඇත්ත හේතුව මේකද? සුසිත් ගැන අලුත්ම අනාවරණය මෙන්න

Hot News2 weeks ago

Watch : බලන්ගොඩ දරුණු අනතුරක් , ලොරියේ තිබූ යකඩ බට බස් එක විදගෙන ඇතුළට එයි

Hot News2 weeks ago

Watch : මේ මැණික් ගල වික්කොත් නම් ලංකාවම ගොඩ

Hot News2 weeks ago

Watch : බේරේ වැවේ දැම්ම නම් මමත් මැරෙන්න තිබ්බා

Advertisement

Categories

Trending