Hot News
උඩරට දුම්රිය මාර්ගයට පස් සහ ගල් කඩා වැටෙයි

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.
ඒ දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයෙන් මාර්ගයට පස් සමග ගල් පෙරලීම හේතුවෙනි.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය දියතලාව දුම්රිය ස්ථානය අසන්නයේ නවතා ඇති බවයි.
දුම්රිය මාර්ගයට වැටුනු ගල් ඉවත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.
Hot News
උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී ගමනාගමනයට බාධා

ඔහිය ඉඳල්ගස්හින්න අතර 148 සැතපුම් කණුව අසලදී මෙසේ පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වී තිබේ.
ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පමා වීමක් සිදුවිය හැකි බවත් දැනට එම බාධක ඉවත් කිරීමට සේවක පිරිසක් යමින් සිටින බවත් දුම්රිය නිලධාරියකු පැවසීය.
කෙසේ වෙතත් රාත්‍රි වනවිට දුම්රිය ධාවනය සඳහා මාර්ගයේ බාධක ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කරන බවද පැවසීය.


Hot News
දඩ මුදල් තවත් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
වර්තමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-12-12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

Hot News
කඩුගන්නාව රෝහලේ බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ බැම්මක් ඉදි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙක්ගේ ශරීරය මතට පැරණි බැම්මක් සහිත පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඔහු එම ස්ථානයේම මිය ගොස් තිබේ.
කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ පැරණි බැම්ම ඉවත් කොට නව බැම්මක් ඉදි කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර මෙම වැඩබිමේ කම්කරුවකු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයෙක් මතට 06 දින දහවල් 12 ට පමණ මෙම බැම්ම සහිත පස් කන්දක් කඩා වැටී ඇති බව සඳහන් වන අතර එම වැඩ බිමේ සේවයේ නිරතව සිටි අනෙක් පිරිස රෝහල් කාර්ය මණ්ඩලයේ සහායද ඇතිව අනතුරට පත් පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත් කොට රෝහල් ගත කළද ඒ වන විටද අදාළ පුද්ගලයා මරණයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
මෙසේ අවාසනාවන්ත ආකාරයෙන් මරණයට පත්ව ඇත්තේ පරණ පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි රංජිත් අබේරත්න නම් පුද්ගලයෙක් බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කඩුගන්නාව පොලිසිය පවසයි.
(කේ.එල්. සුරවීර මහනුවර)
-
Sports4 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World3 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News4 hours ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
Hot News2 days ago
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි
-
Hot News5 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
World4 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්
-
World3 days ago
පිලිපීනයේ දේව මෙහෙයක් අතරතුර පිපිරීමක් – 3 දෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News1 day ago
දැරියකට කරදර කලේයැයි සැකපිට හිමි නමක සහ දෙමව්පියන් අත්අඩංගුවට