යාපනයේ වැසියන්ට විදේශ රටවලින් මුදල් ගෙන්වා දෙන නීති විරෝධී ‘උණ්ඩියල් ‘ ජාවාරමක නිරත වෙමින් රුපියල් 1,090,000ක මුදලක් වංචා කළ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්රික් සංවිධායකවරයෙකු ඊයේ (14) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය ප්රදේශවාසීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව යාපනය පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගත් බව සඳහන්.
විදෙස් රටවල රැකියාවල නිරත පුද්ගලයින් විසින් බදු වලින් බේරිම සඳහා උණ්ඩියල් ක්රමය යටතේ තම හිතවතුන්ට එවන ලද මුදල් වලින් විශාල ප්රමාණයක් මෙලෙස අදාළ සැකකරු විසින් වංචනිකව ලබාගෙන ඇති බව පොලිසිය වාර්තා කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරු යාපනය අධීකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.