උතුරු කොරියාව විසින් සිය නායක කිම් ජොන් උන්ගේ ගුණ ගයමින් ගීතයක් නිර්මාණය කර තිබෙනවා.

‘මිත්‍රශීලී පියකු’ සහ ‘ශ්‍රේෂ්ඨ නායකයකු’ ලෙස ඉන් ඔහුව හඳුන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එය හුදකලා රාජ්‍යයේ ඔහුගේ ස්ථාවරය වැඩි දියුණු කිරීමේ ප්‍රචාරක මෙහෙයුමක කොටසක් ලෙසයි දේශපාලන විශ්ලේෂකයින් ප්‍රකාශ කර ඇත්තෙ.

මෙම ගීතයේ ගීත රූප රචනය රාජ්‍ය පාලිත කොරියානු මධ්‍යම රූපවාහිනියේ විකාශය කර ඇති බැව් ද සඳහන්.

එහි ළමුන්ගේ සිට භට පිරිස් දක්වා විවිධ පසුබිම්වලින් යුත් උතුරු කොරියානුවන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉතා උද්‍යෝගිමත් ලෙස ‘කිම් ජොං උන් ශ්‍රේෂ්ඨ නායකයා’ සහ ‘මිත්‍රශීලී පියකු වන කිම් ජොන් උන් ගැන අපි උදම් අනමු’ වැනි ප්‍රකාශ සිදුකරනු ලබනවා.

නව නිවාස 10,000ක් ඉදි කිරීමේ උත්සවයේ කොටසක් ලෙස කිම් විසින් නරඹන ලද වාද්‍ය වෘන්දයක් සමඟ ගීතයේ සජීවී ප්‍රසංගයක් ද රාජ්‍ය රූපවාහිනියේ විකාශය වී තිබෙනවා.

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු උතුරු කොරියාව ආරම්භ කළ දා සිට එය පාලනය කළ කිම් පවුලේ රාජවංශය ඔවුන් වටා පෞරුෂ සංස්කෘතියක් ගොඩනඟා ගනිමින් බලය මත ඔවුන්ගේ ග්‍රහණය ශක්තිමත් කිරීමටයි උත්සාහ කර ඇත්තේ.

‘ෆ්‍රෙන්ඩ්ලි ෆාදර්’ (Friendly Father) නමින් මෙම උද්යෝගිමත් ගීතය නිකුත් කිරීම පැමිණෙන්නේ උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය විසින් රජයේ නිවාඩුවක් සඳහා භාවිත කරන නම මෑතකදී වෙනස් කිරීමට සමගාමීව වනවා.

ඒ අනුව මෙම පියවර කිම්ගේ ස්ථාවරය ශක්තිමත් කිරීමේ උත්සාහයේ කොටසක් බවට ද මත පළ වී තිබෙනවා.

රටේ නිර්මාතෘ කිම් ඉල් සුංගේ ජන්ම දිනය සමරන වාර්ෂික රජයේ නිවාඩු දිනය ‘සූර්‍යයාගේ දිනය’ ලෙස හඳුන්වනවා වෙනුවට රාජ්‍ය මාධ්‍ය එය වඩාත් මධ්‍යස්ථව ‘අප්‍රේල් නිවාඩුව’ ලෙස හැඳින්වීමට පටන් ගෙන ඇති බව සඳහන්.

එවැනි වෙනස්කම් කිම් ඔහුගේ පූර්වගාමීන් මත රඳා නොසිට ඔහුගේම දෙපයින් නැගී සිටීමට දරණ උත්සාහයේ කොටසක් විය හැකි බවටයි මත පළවී ඇත්තේ.

(ජෙගන් ගනේෂන්ගේ ලිපියක් ඇසුරිනි.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here