ගාල්ලේ කාන්තාවකගේ රුපියල් කෝටි 13 ක් පමණ වටිනා දේපොළ පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

ගාල්ල, දඩල්ලේ පිහිටි හෝටලයක් සහ අක්මීමන, වලහන්දුව පිහිටි ඉඩමක් එලෙස පොලිසිය භාරයට ගෙන තිබේ. 

අදාල කාන්තාවට එම දේපල උපයාගත් අකාරය හෙළි කිරීමට නොහැකි වීම ඊට හේතුව බව පොලිසිය සඳහන් කළේ ය. 

ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කරන ලද විමර්ශනයකින් ඒවා පොලිස් භාරයට ගැනුණි. 

35 හැවිරිදි අදාළ කාන්තාව ගාල්ලේ පදිංචිකාරියකි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here