Connect with us

Hot News

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමට ඉරාන ජනපති හෙට දිවයිනට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා හෙට (24) දිවයිනට පැමිණීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයකට එක් වන අතර 2008 වසරේ අප්‍රේල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතාගේ සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව අත්සන් තැබීමට නියමිතය.

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හෙට (24) පෙරවරුවේ ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය (UOMDP) ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛ ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි.

මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එවකට ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ බලශක්ති අමාත්‍යවරයා අතර 2007 නොවැම්බර් 27 වැනි දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට (MOU) අනුව, “උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කිරීම සඳහා ඉරානයේ ෆරාබ් (FARAB) බලශක්ති සහ ජල ව්‍යාපෘති ආයතනය (FC) සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය විසින් අත්සන් තබන ලද 2008 අප්‍රේල් 28 දිනැති ඉංජිනේරු,

ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් (EPC) කොන්ත්‍රාත් ගිවිසුම ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඒ අනුව, ෆරාබ් සමාගම විසින් සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයන්, සවිස්තරාත්මක ඉංජිනේරු සැලසුම් සකස් කිරීම්, සියලුම ද්‍රව්‍ය, උපකරණ, යන්ත්‍රෝපකරණ සහ භෞතික ඉදිකිරීම් ප්‍රසම්පාදනය, ස්ථාපනය, පරීක්ෂා කිරීම සහ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සිදු කර ඇත. සම්පූර්ණ කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514 ක් වන අතර කොන්ත්‍රාත්තුව 2010 මාර්තු 15 දින සිට බලාත්මක විය.

ඉරානයේ අපනයන සංවර්ධන බැංකුව (EDBI) පළමුව 2013 වන තෙක් ඩොලර් මිලියන 50 ක් අරමුදල් සම්පාදනය කළේය. කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව එම කාලයේ පැනවුණු ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන්, ඔවුන්ට දිගටම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට නොහැකි විය. එබැවින් අදාළ කොන්ත්‍රාත්කරු වූ ෆරාබ් සමාගම සමඟ රජයේ අරමුදල් යොදා ගනිමින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා රජය තීරණය කළේය.

2010 මාර්තු 15 වැනි දින ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාව වන විට, ව්‍යාපෘතිය නිම කිරීමට නියමිත දිනය 2015 මාර්තු 15 වැනිදා ලෙස දැක්විණ. නමුත් ප්‍රධාන වශයෙන් අනපේක්ෂිත ලෙස ප්‍රධාන උමඟට (Headrace tunnel) ජලය ඇතුළු වීමේ තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙන්ම සමාජ බලපෑම්, මූල්‍ය අභියෝග ගෝලීය ගැටලු සහ ඉදිකිරීම් කාලය තුළ ඇතිවූ Covid-19 වසංගතය, හේතුවෙන් ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය 2024 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇති අතර ව්‍යාපෘතියේ අඩුපාඩු සහ වගකීම් කාලය සමඟ මුළු කාලසීමාව 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇත.

මෙම ව්‍යාපෘතිය 2024 පෙබරවාරි සහ මාර්තු මාසවලදී එහි මූලික ක්‍රියාත්මක කිරීමේ අදියර සම්පූර්ණ කර ඇති අතර ඒකක 01 සහ 02 ජාතික ජාලය සමඟ සාර්ථකව සම්බන්ධ කර ඇත. 2024 අප්‍රේල් 1 වැනි දින අත්හදා බැලීමේ මෙහෙයුම් ආරම්භ විය.

බණ්ඩාරවෙල සහ වැල්ලවාය බිම් මට්ටම් අතර උස මීටර් 700ක වෙනසක් ඇත. මෙවැනි උසකින් උමගක මාර්ගය වෙනස් කිරීම පහසු නැත. එසේම, ටර්බයිනවලට ජලය වත් කිරීම සඳහා ගැඹුරු පීඩන පතුවළක් ඉදිකර ඇත. මෙවැනි නිර්මාණයක් ලෝකේ වෙනත් ස්ථානයක දකින්න නොලැබෙන බැවින් මෙහි ඉදිකිරීම් අවසන් වූ එය අපූරු නිර්මාණයක් වනු ඇත.

ෆරාබ් සමාගමෙන් මෙම ව්‍යාපෘතිය පවරා ගැනීමෙන් පසු වාරිමාර්ග අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සිදු කරන්නන් ලෙස ක්‍රියා කරනු ලබන ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙත භාර දෙනු ලැබේ.

විදුලිය උත්පාදනය කිරීමෙන් පසු, එම ජලය උමගක් ඔස්සේ කිරිඳි ඔය හරහා ඉදිකරන ලද අලිකෝට ආර ජලාශයට හරවා යවනු ලැබේ. ඉන්පසු එම ජලය උමා ඔය ජලාශයේ වම් ඉවුරේ පිහිටි මෙම ව්‍යාපෘතිය යටතේ ධාරිතාව තුන් ගුණයකින් වැඩි කර ඇති හඳපානාගල ජලාශයට සහ මෙම ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, මහාරගම, තනමල්විල, බලහරුත වැනි ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා උමා ඔය දකුණු ඉවුරේ ඉදි කෙරෙමින් පවතින නව කුඩා ඔය ජලාශයටත් හරවා යවනු ලැබේ.

මීටර් 60 කට වැඩි දිගකින් යුත් වාරි පද්ධතියක් ද ඉදිවෙමින් පවතී. මෙම වාරි ක්‍රම මඟින් යල සහ මහ දෙකන්නයේම දැනට පවතින වගා බිම් හෙක්ටයාර 1500කට සහ අලුතින් සංවර්ධනය කරන ලද ඉඩම් හෙක්ටයාර 4500කට වාරි ජලය සැපයීමට අපේක්ෂා කෙරේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු දායකත්වයෙන් ක්‍රියාත්මක වන උමාඔය පහළ ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් කිරිඳිඔය ද්‍රෝණියේ දීර්ඝ කාලයක සිට ගැටලුවක්ව පැවති ජල හිඟය සම්පූර්ණයෙන් අවසන් වන අතර, ලැබෙන ජලයෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් ඒකාබද්ධ කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස රජය අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. එමෙන්ම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බණ්ඩාරවෙල සහ වැල්ලවාය ප්‍රදේශවල පානීය හා කර්මාන්ත අවශ්‍යතා සඳහා ජලය ලබාදීමේ ගැටලුවට ද විසඳුම් ලබා දී තිබේ.

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1962 වසරේදී ආරම්භ කෙරුණු අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට පෙර සිටම දෙරට අතර සබඳතා පවත්වා ඇත. අතීත පර්සියානු යුගයේ දී දෙරට අතර සබඳතා ප්‍රධාන වශයෙන් පැවැත්වූයේ හෝමූස් සමුද්‍ර සන්ධිය මඟිනි. ඉරානය 1975 දී කොළඹ දී සිය තානාපති කාර්යාලය ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකාව 1990 ජනවාරි මාසයේදී ටෙහෙරාන් නුවර සිය තානාපති කාර්යාලය පිහිටුවන ලදී. දෙරට ම සෑම ක්ෂේත්‍රයකම සමීප සහයෝගීතාවයක් පවත්වාගෙන යන අතර බහුපාර්ශ්වික සංසඳවලදී එකිනෙකා කෙරෙහි සහයෝගයෙන් කටයුතු කරයි.

ඉරාන සංවර්ධන ආධාර ණය ආකාරයෙන් ලබා දෙනු ලබන අතර, ප්‍රධාන වශයෙන් යටිතල පහසුකම්, වාරිමාර්ග සහ බලශක්ති වැනි ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම කෙරෙහි එමඟින් අවධානය යොමු කරයි. ශ්‍රී ලංකා රජය දැනටමත් ඉරානයට ඇමෙරිකානු ඩොලර් 19,301,572.6ක මුදලක් ආපසු ගෙවා ඇති අතර දළ වශයෙන් ගෙවිය යුතු ඉතිරි මුදල ඇමරිකානු ඩොලර් 35,246,022.56කි.

ශ්‍රී ලංකාව සහ ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එහි අනුබද්ධ ආයතනවල සමීපව කටයුතු කරමින් සිටින අතර දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් එකිනෙකාට සහයෝගය දක්වයි. ශ්‍රී ලංකාව සහ ඉරානය ආසියානු සහයෝගිතා කතිකාව (ACD) සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) මෙන්ම ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) ඇතුළු ජාත්‍යන්තර/කලාපීය සංවිධාන කිහිපයක සාමාජිකයන් වේ.

දෙරට අතර මහන් එයාර් ගුවන් සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟතාව පළ කර ඇති අතර ඉරාන සංචාරකයන් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට මෙන්ම සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සහයෝගිතාවය වර්ධනය කිරීමට එමඟින් දිරිගන්වනු ඇතැයි අපේක්ෂා කරේ. 2022 දී ඉරානය ශ්‍රී ලංකාවට වැඩිම ජාත්‍යන්තර සංචාරකයින් පැමිණෙන රටවල් ලැයිස්තුවේ 27 වැනි ස්ථානයට පත් වූ අතර එය 2021 වසරට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

හෙල්මට්වලින් පහරදී ඝාතනය කළ පුද්ගලයාගේ දේහයේ සිරුරු කොටස් අතුරුදන්

මීට වසරකටත් මාස තුනකට ඉහතදී හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කර අධිකරණ නියෝග මත භූම දානය කරන ලද පුද්ගලයෙකුගේ සොහොනක් කඩා එහි හිස කොටස රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලක් ලැබුණු බව වැලිපැන්න පොලිසිය පවසයි.

2023-3-17දි කුරුදිප්පිට වැලිගොඩැල්ල කනත්ත, අධිකරණ නියෝගය මත ය භූමදානය කරන ලද
කුරුදිපිට ගල්මත්ත වලගෙදර පදිංචිව සිටි රංග විරාජ්( 34) ගල්මත්ත හන්දියේදී සිසුන් පිරිසක් විසින් යතුරුපැදි හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කළ පුද්ගලයාගේ සොහොන හාරා හිස ඇතුළු අවයව කොටස් රැගෙන ගොස් ඇතැයි ගිය පුද්ගලයාගේ බිරිඳ සහ සහෝදරියන් පවසයි.

මෙම සිදුවීම වී දැක ඇත්තේ පසුගිය වෙසක් දිනට දිනකට පමණ පෙරදී එම සොහොන එළිකිරීමට පැමිණි ඥාති සහෝදරයෙකු විසින් සොහොන හාරා ඇති බව දැනගෙන පැවසීමෙනි.

පසුගිය සිංහල අලුත් අවුරුද්ද දවසේද පැමිණ සුද්ද පවිත්‍ර කර පහන් දල්වා ගොස් සති අතර ඉන්පසු වෙසක් දිනට සතියකට පමණ පෙර මෙම සිදුවීම සිදුවී ඇති බව ඔවුන් පවසයි.

බිරිඳ විසින් චෝදනා කරන්නේ හිස් වැසුම් වලින් පහරදී ම සිදුකළ සැකකරුවන් මෙම සිදුවීම සිදුකර ඇති බවයි.

එම අවස්ථාවේම ස්ථානය පරීක්ෂණයක් සඳහා ගිය වැලි පැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණයට සියලු තොරතුරු දන්වා මහේස්ත්‍රාත් වරයාගේ නියෝග මත ඉදිරි කටයුතු කරන බව වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

(ගල්පාත චන්දන පෙරේරා)

Continue Reading

Hot News

ප්‍රංශ සමුළුවට මාගේ පුත්‍රයා ගියේ පෞද්ගලික වියදමින්

ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සංවත්සර සමුළුව මේ දවස්වල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන සමුළුව සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තවත් දූත පිරිසක් සමගින් සහභාගී වී සිටියා.

මෙම සමුළුවට අමාත්‍යවරයාගේ පුත්‍රයා වන පසන් අමරවීර ද එක්ව සිටී අතර සමාජ මාධ්‍ය තුල මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව විවිධ චෝදනා එල්ල වී තිබුණා.

කෙසේ වෙතත් , අමාත්‍යවරයාගේ පුත්‍රයා මෙම සමුළුව සඳහා සහභාගී වූයේ තම පෞද්ගලික වියදමින් බවත් ඒ සඳහා රජය විසින් කිසිදු වියදමක් නොදැරූ බවත් අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය පවසනවා.

Continue Reading

Hot News

තේ ගස්වලට පොහොර දමමින් සිටි කාන්තාවන් පිරිසක් මතට ගසක් කඩා වැටේ – එක් කතක් මියයයි

කහවත්ත ඕපාත වතුයායේ අංක තුන කොටසේ තේ ගස්වලට පොහොර දමමින් සිටි කාන්තාවන් පිරිසක් මතට මාරගසක් කඩා වැටීමෙන් ඵක් කාන්තාවක ඡීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා තිබෙන බව කහවත්ත පොලීසිය පවසනවා.

මෙලෙස ඡීවිතක්ෂයට පත්ව ඇත්තෙ තමිල් චෙල්වී (46) වතුකම්කරු කාන්තාවක්.

තද සුළගක් සමග මෙම දැවැන්ත මාර ගස වැටී තිබෙන අතර ගසට යටවි සිටි කාන්තාවන් තිදෙනා වතු කම්කරුවන් පිරිසක් විසින් ඉවතට ගත්තද එක් අයකු රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසනවා.

ගස කඩා වැටුණු ස්ථානය දුෂ්කර ප්‍රදේශයක දුෂ්කර මාර්ගයක පිහිටි නිසා තුවාලකරුවන් රෝහල් ගත කිරිමට පැයක් පමණ කාලයක් ගතවි තිබෙනවා.

Continue Reading
Advertisement
Hot News5 hours ago

හෙල්මට්වලින් පහරදී ඝාතනය කළ පුද්ගලයාගේ දේහයේ සිරුරු කොටස් අතුරුදන්

Hot News6 hours ago

ප්‍රංශ සමුළුවට මාගේ පුත්‍රයා ගියේ පෞද්ගලික වියදමින්

Hot News6 hours ago

තේ ගස්වලට පොහොර දමමින් සිටි කාන්තාවන් පිරිසක් මතට ගසක් කඩා වැටේ – එක් කතක් මියයයි

Sports7 hours ago

පළමු පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

World8 hours ago

උඩු ගුවනේ දී පුපුරා ගිය උතුරු කොරියානු රොකට්ටුව

Hot News8 hours ago

තරුණියකගේ මළ සිරුරක් සීදූව කාණුවකින් හමුවෙයි

Sports8 hours ago

චීනයේ දී ලක්මවට ආඩම්බරයක් ගෙන දුන් අරුණ

Politics8 hours ago

වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදෙනවා – මනූෂ

Hot News8 hours ago

ග්‍රාම නිලධාරී සේවයේ ගැටළු විසඳිමට රජයේ අවධානය

Hot News8 hours ago

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට අඛණ්ඩව සහන සලසන්න – ජනපති

Hot News9 hours ago

පුතත් අරන් ප්‍රංශයේ සමුළුවට ගිය ඇමති මහින්ද අමරවීර

Politics9 hours ago

මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නෑ – නාමල්

Politics9 hours ago

මව්බිම ජනතා පක්‍ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම ඉල්ලා අස්වෙයි

Politics10 hours ago

පොහොට්ටුව රජරටින් ඇරඹූ සටනට මට එන්න කිව්වේ නැහැ

Politics11 hours ago

විජයදාසට තවත් වාරණ නියෝගයක්

Politics11 hours ago

කඩා වැටුණු අපේ රට දියුණු කළ රනිල්ට කොපමණ ස්තුති කළත් ප්‍රමාණවත් නැහැ

Hot News12 hours ago

සමෘද්ධි බැංකු රජයේ විගණනයට

Hot News12 hours ago

ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමට හසුවූවන්ට සුබ ආරංචියක්

Hot News13 hours ago

පාස්කු බෝම්බයට හසුව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් වසර 5කට පසු මොලොවින් සමුගනී

Politics13 hours ago

මැතිවරණය අවුරුදු 2කින් කල් දාන්න එජාපයෙන් යෝජනාවක්

Hot News13 hours ago

ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම සංචාරක ගමනාන්ත අතරට

Hot News13 hours ago

ගාසාහි ළමා අරමුදල සමඟ එක් වූ සියලු පරිත්‍යාගශීලින්ට ස්තූතියි

Hot News14 hours ago

Watch : පොහොට්ටුවට සාප වේවා – සිවිල් ක්‍රියාකාරිකයින් පොහොට්ටුවට පොල් ගහයි

Hot News14 hours ago

CIDය තාඹුගලගෙන් කෝටි 30ක කප්පමක් ඉල්ලලා

Hot News15 hours ago

අනියම් බිරින්දෑවරු දෙදෙනාගේ බහට අවනත වූ නීත්‍යානුකූල බිරිඳව මරා ළිඳට දාලා

Hot News16 hours ago

රජයේ වැටුප් විෂමතා ගැන සෙවීමට කමිටුවක්

Hot News16 hours ago

මන්ත්‍රීවරුන්ගේ වාහන ඉල්ලීම මේ සතියේ ජනපතිට

Hot News16 hours ago

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Hot News17 hours ago

වැල්ලම්පිටියේ කුඩු රැජින පොලිස් දැලේ

Hot News17 hours ago

“කටුකුරුන්දේ ටෂීව ” අවසන් ගමන් යැවූ සැකකරු බන්ධනාගාරයේදී මියයයි

Hot News3 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News5 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News3 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News4 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports7 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News7 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports7 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News5 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News5 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local7 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local7 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News1 month ago

කිරිපිටි මිල පහළට

Hot News2 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News4 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News5 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World7 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News3 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News5 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports7 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News4 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World7 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World6 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News4 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News6 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News5 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News5 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News2 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News14 hours ago

Watch : පොහොට්ටුවට සාප වේවා – සිවිල් ක්‍රියාකාරිකයින් පොහොට්ටුවට පොල් ගහයි

Hot News1 day ago

Watch : පොලිස් සැරයන්වරයෙකුට තැලූ තවත් පොලිස් නිලධාරියෙකු අල්ලයි

World1 day ago

රාහුල් ගාන්ධිත් එක්කම වේදිකාවක් කඩාවැටෙයි

Politics2 days ago

Watch : “සටන අරඹමු රජරටින්” ලොකු සෙනඟක් එක්ක පොහොට්ටුව තලාවෙන් වැඩ අල්ලයි

Hot News3 days ago

Watch : වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් ගසක ගැටී දරුණු අනතුරක්

Hot News3 days ago

Watch : බිස්කට් එකක් අරන් එන්න කඩේට ගිය ආච්චි අම්මා පාලමෙන් ඇද වැටී අවසන් ගමන් යයි

Hot News4 days ago

Watch : සරණක් නැති බලු පැටවුන්ට සෙවණක් සොයා දෙන අපූරු දන්සල

Hot News4 days ago

Watch : ශ්‍රී පාද වන්දනා වාරය අවසන් – සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ වැඩම කෙරේ

Hot News5 days ago

Watch : ඉරාන ජනාධිපතිතුමන් නිවන් සුව පතා වැල්ලවායේ නූඩ්ල්ස් දන්සැලක්

Hot News5 days ago

Watch : ජෙනරේටරයක් දාගෙන නින්දට ගිය පිය පුතු දෙදෙනා නින්දේදීම අවසන් ගමන් යයි

Hot News5 days ago

Watch : වෙසක් පොහොදා විමල් වීරවංශගෙන් සුපිරිම ගීතයක් මේක නම් අහන්නම ඕන සින්දුවක්

Hot News6 days ago

Watch : විශ්‍රාම යන ලංගමේ රියදුරුට ගමේ මිනිස්සු දුන්න අමතක නොවන සමුදීම

Hot News1 week ago

Watch : එක්ස්කියුස් මී නොකියා පන්තියට පැමිණියාට උරණ වූ පාසලේ ගුරුවරයා සිසුවියට සිදුකළ නරුම වැඩේ

Hot News1 week ago

Watch : සජිත් දුන් දිනයකට අනුර එකඟ වෙයි

Hot News1 week ago

Watch : කසිප්පුකාරයෝ බේරන්නේ නැති නිසා ඇමතිට මළපැනලා

Hot News1 week ago

Watch : සනත් නිශාන්ත සිහි වූ බිරිඳ චමරි සංවේදී වෙයි

Hot News1 week ago

Watch : අධික වේගය කරපු විනාශයක් – බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Hot News1 week ago

Watch : Foxhill ඛේදවාචකයෙන් මියගිය 16 හැවිරිදි පුංචි සත්සරණීත් ගමක් හඬවමින් යන්නම යයි

Hot News2 weeks ago

Watch : රංගන ශිල්පී කාවිංග පෙරේරා යුඑන්පියට

Hot News2 weeks ago

Watch : සජිත්ටත් ඇලඩින්ගේ පුදුම පහන වගේ මේක එකපාර වෙනස් කරන්න බෑ

Hot News2 weeks ago

Watch : ට්‍රැෆික් නිලධාරියා මතට ගසක් කඩා වැටී දරුණු අනතුරක්

Hot News2 weeks ago

Watch : මිරිස්කුඩු වලින් සෙල්ලම් දාපු ඇමති ප්‍රසන්න ගුවන්තොටුපළේ සේවකයෙක්ට ගහලා

Hot News2 weeks ago

Watch : ආණ්ඩුවෙන් නිකන් දුන්න හාල් කාලා මැරුණ කුකුලන්ගේ ප්‍රශ්ණය පාර්ලිමේන්තුවට යයි

Sports2 weeks ago

Watch : වනිඳු ඇතුළු සිංහ පැටව් T20 ලෝක කුසලානයට පිටත්ව ගිය හැටි මෙන්න

Hot News2 weeks ago

Watch : කැරට් කැබැල්ලක් සිර වී දරුවෙකු ජීවිතක්ෂයට

Hot News2 weeks ago

Watch : දින 20කට පසු කොටු වූ සුසිත්ගේ පෙම්වතිය මුල සිට අගට සිදු වූ සියල්ල වමාරයි

Hot News2 weeks ago

Watch : මහ වැස්සේ දකුණු අධිවේගයේ අනතුරක්

Hot News2 weeks ago

Watch : කලු පාට වෙස්මුහුණු දාගෙන ආපු කල්ලියක් ව්‍යාපාරික ස්ථානයකට කඩා පනී

Hot News2 weeks ago

Watch : වැලිපැන්නෙන් ආයුධ ගබඩාවක් මතුවෙයි

Hot News2 weeks ago

Watch : සුසිත්ව නිහඬ කළ ඇත්ත හේතුව මේකද? සුසිත් ගැන අලුත්ම අනාවරණය මෙන්න

Advertisement

Categories

Trending