මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීම පිළිබඳ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න පත්‍රය සංසරණය වීම සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර උසස් පෙළ විභාගයේ පසුගිය ජනවාරි 10 වැනිදා පැවති කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට පියවර ගැනුණේ අදාළ ප්‍රශ්න පත්‍රය, විභාගයට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් වී ඇති බවට, තොරතුරු ලැබිමත් සමගයි.

ඒ අනුව ඊට අදළ නව විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙන බව විභාග දෙපාර්තමේනතුව දැනුම් දුන්නේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here