අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රථිපල ලබාගත් සිසු සිසුවියන් ඇගයීමේ වැඩසටහන අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, එම විද්‍යාලයන් හී විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ දෙමව්පියන්ද එක් විය.

මෙහි දී එම සිසුන් අබාන්ස් ආයතනය මගින් විශේෂ ඇගයීමකට ලක් කළ අතර එහි දී එම සිසුන්ට ලැප්ටොප් සහ ටැබ් පරිගණක ලබා දීම ද සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here