රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් පූජාපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගලගෙදර අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙකු අධිකරණ ශාලාවේ නඩුවක් විභාග වෙමින් තිබියදී එම දර්ශන තම ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුණෑගල පානගමුව ප්රදේශයේ පදිංචි මොහොම්මදු මුස්තාපා රාම්සික් නැමැති සැකකරු ගලගෙදර මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 2000 ක මුදල් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත දැඩි අවවාද කොට මුදා හැර තිබේ.
ජංගම දුරකතනය අධිකරණ භාරයට ගෙන එහි වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට දැනුම් දුන් මහේස්ත්රාත්වරයා සැකකරුට යළි මාර්තු මස 04 දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.
ගලගෙදර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
(කමල් සුරවීර – මහනුවර)