ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (08) තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවත්, ස්වාධීනව ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පූර්ණ සහයෝගය ලබාදිය යුතු බවට තීරණයකට එළඹී බවත් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කලා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here