එක්තරා සම්මාන උළෙලකදී ‘සම්මානයක් අතැතිව’ සරාගී විලාසිතවකින් (අඩ නිරුවතින්) පෙනී සිටින සුරූපී කාන්තාවකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සැරිසරනවා ඔබටත් ඇස ගැටෙන්නට ඇති.
මෙම ඡායාරූපය ඇතැම් පිරිසකගේ ‘විවේචනය’ට ලක්වූවා සේම තවත් පිරිස් ඒ වෙනුවෙන් ‘දීර්ඝ ලියමන්’ ලියා ඇති අයුරු ද අපට නිරීක්ෂණය වුණා.
ඒ කෙසේ වෙතත්, මෙම කාන්තාව ‘ලාංකීය කාන්තාවක්’ වන බවටත්, ලාංකේය ‘සම්මාන උළෙල’කදී ඈ මෙසේ පැමිණ ඇති බවටත් බොහෝ පිරිස් විශ්වාස කරන්නට වුණා.
නමුත් සැබැවින්ම ඈ ලාංකීක කාන්තාවක් නොවේ. අප කළ සොයා බැලීමකදී තහවුරු වූයේ ඇය අසල්වැසි ‘ඉන්දීය’ රටේ තරුණියක් බවයි.
නමින් ආයුෂි ජයිස්වාල් (Aayushi Jaiswal) වන ඈ ඉන්දියානු නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් ලෙස ද අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් තැනැත්තියක්.
ආන්දෝලනාත්මක රූපවාහිනි ‘කතා මාලා’ කිහිපයක් සඳහාම රංගනයෙන් එක් වූ ‘ආයුෂි’ 1996 වසරේ උපන් තරුණියක් වනවා.
ඇය විසින් සමාජ මාධ්‍ය තුළත් බොහෝ ‘කතාබහට’ ලක්වන අඩනිරුවත් විලාසිතා මෙන්ම ‘වීඩියෝ පට’ ද පළ කරන අතර, මේ වන විට කතාබහට ලක්වන ඡායාරූප පෙළ ද ඇය ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කොට තිබුණා.