එඬරු ඇට ආහාරයට ගැනීමෙන් ඇති වූ අසාත්කමිකතාවක් හේතුවෙන් පාසල් ළමුන් 8 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ දහවල් තච්චනාමරදමඩු ප්‍රදේශයේ දී මෙම ළමුන් එඬරු ඇට ආහාරයට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අවුරුදු 9ක් වයසැති පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවන් 7 දෙනෙකු ද ඒ අතර වන බව සඳහන්.
එම දරුවන් මඩු ප්‍රදේශයේ පදිංචි දරුවන් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මඩු පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.