කළුතර ප්‍රසිද්ධ පාසලක අද දහවල් සිසුන්ට එන්නතක් ලබා දීමෙන් සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වයස අවුරුදු 12 සහ 13 වියේ පසුවන ළමුන් පිරිසක් මෙසේ රෝහල් ගත කර ඇති බව සඳහන්වේ.
7 සහ 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන එම වයස් කාණ්ඩවල සිසුන්ට අද එන්නත ලබාදී ඇති අතර, ළමුන් ක්ලාන්ත ගතිය, හුස්ම ගැනීමේ අපහසුතාව සහ බියට පත්වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය.
(සම්පත් කුලරත්න – කළුතර )
ff