IPL තරගාවලියේ ඊයේ (17) ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයේ දී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යාට එක් තරගයක තහනමක් පනවා තිබෙනවා.

කෙසේ වෙතත්, මුම්බායි කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු ම තරග ක්‍රීඩා කොට අවසන් කාර තිබෙන නිසා 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී පාණ්ඩ්‍යාට අදාළ වරද සඳහා හිමි දඬුවම වශයෙන් එහි පළමු තරගය තහනම් වනු ඇත.

එම කොන්දේසිය අනුව හර්දික් එළඹෙන තරග වාරයේ දී මුම්බායි කණ්ඩායම හැර වෙනත් කණ්ඩායමක් සමග එක් වුවද එම තහනම අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක වීමට නියමිතයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, එක් තරගයක තහනමට අමතරව හර්දික්ට ඉන්දීය රුපියල් ලක්ෂ 30ක දඩයක් ද, Impact Player ඇතුළු ක්‍රීඩා කළ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ඊයේ (17) තරග ගාස්තුවෙන් රුපියල් ලක්ෂ 12ක් හෝ 50%ක් බැගින් තනි තනිව දඩ වශයෙන් දඩයකට යටත් වීමට සිදුවුණා.

ff

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here