මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය හෙවත් ඔන්ලයින් පනත් කෙටුම්පත ඔස්සේ ජනතාවගේ භාෂණයේ නිදහසට ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් සිය කණස්සල්ල පළ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ පමණක් නොව රටේ පුරවැසියන්ගේ අවශ්‍යතාවලට සවන්දීමට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඇය ඉල්ලීමක් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් දෝෂ සහිත ක්‍රියාවලිය, අභිප්‍රාය, භාෂණයේ නිදහසට ඇති විය හැකි බලපෑම යන අංශ තුන පිළිබඳව අවධානය යොමුකරමින් ඇය මෙම අදහස් පළ කර තිබුණා.
පනත් කෙටුම්පතේ භාවිත කර ඇති පුළුල් අර්ථ දැක්වීම් ඔස්සේ කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි අන්තර්ජාල ප්‍රහාර වැනි ක්‍රියාවලට එරෙහිව සටන් කිරීමට අදහස් කෙරෙන නමුත් නීත්‍යානූකූල ප්‍රකාශනය සීමා කිරීම සඳහා එය අනිසි ලෙස භාවිත කළ හැකි වීම පිළිබඳවද අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම, මෙම පනත සංශෝධනය සඳහා ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුර පනතින් කළ හැකි බලපෑම පිළිබඳ අන්තර්ජාලයේ කථිකාවට සැබෑ විසඳුම් ලැබෙන්නේ දැයි යනුවෙන් ඇය තවදුරටත් ප්‍රශ්න කර තිබෙනවා.