රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ අමාත්‍ය ධූරයක් දරමින් රටේ ජනතාවට සේවය කිරීමට ලැබේ යැයි තමා කිසිදා විශ්වාස නොකළ බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි, මැදිරිගිරිය මොරගහගකන්ද යන මහවැලි කලාපවල ජනපදිකයන් වෙත සින්නක්කර ඔප්පු බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

“ගරු ජනාධිපතිතුමනි, මම මගේ ජීවිත කාලයම ඔබතුමාට විරුද්ධව වැඩ කළ කෙනෙක්. මම කිසිදා විශ්වාස කළේ නැහැ ඔබතුමාගේ රජයක ඇමතිකමක් භාරගෙන ඔබතුමා සමග සම්බන්ධ වි වැඩකිරීමට අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් අද මම ආඩම්බර වෙනවා ඔබතුමාගේ රජයක රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරමින් මේ රටට සේවයක් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව.

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඔබතුමා මේ රටේ ආර්ථිකය ස්ථාවර කර රට ඉදිරියට ගෙන යාමේ අඩිතාලම දැමුවා. අද ජනාධිපති අපේක්ෂකයින් වැහි වැහැලා. කටින් බතල හිටවන අය මේ රටේ බෝක්කුවක්වත් හදලා නැහැ. ඒ නිසා අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ රට භාරගන්න කියලා. පෞද්ගලිකව මගේ උපරිම සහයෝගය ඔබතුමාට ලබාදෙන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි ” යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here