ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට ඉතිහාසගත වීමට පැරීසියේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපන් තර්ෂන් සෙල්වරාජා සමත් වී තිබෙනවා.

සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා 10,000 කට පමණ පිරිසකට රට පුරා, එහි රිලේ කොටසක් සඳහා ගිනිසිළුව සහිත පන්දම රැගෙන යෑමේ ගෞරවය හිමි වනවා.

ඒ අනුවයි ඔහුට මෙම අවස්ථාව හිමි තිබෙන්නේ.

වෘත්තියෙන් බේකරි හිමිකරුවෙක් වන ඔහු නිශ්පාදනය කරන baguette හේතුවෙන් පැරීසිය පුරාම ප්‍රසිද්ධත්වයට පත්ව තිබෙනවා.

තර්ෂන් සෙල්වරාජා 2023 දී හොඳම පැරිසියානු බෑගට් (baguette) යන කීර්තිමත් නාමය ද හිමි කර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here