ප්‍රවීණ රංගන ශිල්පී ‘කුමාර තිරිමාදුර’ වත්මන් රංග පරම්පරාව ගැන ‘ආන්දෝලනාත්මක හෙළිදරවුවක්’ සිදු කර තිබෙනවා.

‘සරසවිය’ පුවතපත සමඟ ‘සම්මුඛ’ වෙමින්.

වත්මනේ ‘රංගන අධ්‍යයනයක්’ හෝ නොමැතිකමින් බොහෝ නිළියන් ක්ෂේත්‍රයේ රැඳි සිටින්නෙ ‘සීමිත කාලයක්’ පමණක් බැව් ද ඔහු සඳහන් කරනවා.

‘මේ ළඟදිත් මම නාට්‍යයකට ගියා, ජයනි සේනානායකයි මායි.. අපි මාර ගස් දෙකක් වගේ ඉන්නවා. අනිත් නිළියෝ ගහගෙන යනවා. අපි හේතුව හොයලා බැලුවා. රංගනය අධ්‍යයනය නොකිරීම තමයි හේතුව… ඔයා ඩොක්ටර් කෙනෙක් වෙන්න නම් කකුල් දෙක වතුරේ ඔබාගෙන පාඩම් කරන්න ඔිනි. මෙයාලට මාර නිදහසට කාරණාවක් තියනවා, මේගොල්ලෝ මාර කතාවක් කියනවා. ඇහුවම කියන්නෙ, ‘අපි මේ විනෝදාංශයක් විදිහට රඟපාන්නෙ’ කියලා. රඟපෑම විනෝදාංශයක්ද යකෝ?? ඔංචිල්ලා පදින එක, ඔිමි ගහන එක විනෝදාංශයක්.. රඟපෑම කියන්නෙ විනෝදාංශයක් නෙවෙයි. අධ්‍යයනය කළ යුතුයි.’

‘තරහා වෙන්න එපා, දැන් ඉන්න නංගිලා මල්ලිලා ඔංචිලි පැදලා තමයි යන්නෙ. ඒගොල්ලෝ ඩීල්, ගේම්… ෆෝන් හතරක් විතර තියනවා. චැට් ප්‍රෝගෑම්වලට කොටට ගහලා ඇවිත් මුදලට විකිණෙනවා. මුන් කකුල් ටික පෙන්නපු ගමන් අර බලන ව්‍යාපාරිකයෝ හිතනවා මාරයි කියලා. උන් ටික මුන්ට කාර් අරන් දීලා, ගෙවල් අරන් දීලා…. ඉවෙන්ට් අරන් දීලා… මොකද්ද මේ..? රට මෙතනටද යන්නෙ..?? ඒගොල්ලො ඇඟ පෙන්නලා මාර ආතල් එකක් ගන්නවා. ඇයි වැඩක් පෙන්නන් නැත්තේ?? මාලනී ෆොන්සේකා, වසන්ති චතුරානි වැඩක් පෙන්නුවා. දැන් ඉන්න එවුන්ගේ නමක්වත් දන්නවද?’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here