කළුතර දී පසුගිය 19 දා රාත්‍රි කලමුල්ලේ ටෂී නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකරු ඊයේ කළුතර බන්ධනාගාරය තුළදී හදිසියේ මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, තිබුවන පැලපිටියා ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තුෂාර රුක්මාල් සිල්වා නමැති රැඳවියකු බව සඳහන්වේ.

මියගොස් ඇති රැඳවියා මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ පසුගිය 25 දා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිට ඇති බව පොලිසිය පවසයි .

රැඳවියා ඊයේ (27) පස්වරුවේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අසනීපව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබේ.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(සුමිත් පොතුපිටිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here