හිමිකරුවකු නොමැතිව දීර්ඝ කාලයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාලෙහි නවතා තිබූ මෝටර් රථයක් ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ අද(04) දහවල් රැගෙන ගොස් තිබෙනවා.
මෙම මෝටර් රථය ඉකුත් මැයි 29 දින මෙසේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාල තුළ දමා ගොස් තිබුණි .
මෙම මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට අයිති බවත් දැනට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන 68390 දරන නඩු කටයුත්තට අවශ්‍ය කරන මෝටර් රථයක් බවත් අනාවරණය වීමෙන් පසුව අධිකරණ නියෝගයක් මත ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙම මෝටර් රථය රැගෙන ගොස් තිබෙනවා.