ඊයේ (06) රාත්‍රියේ පැවති ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ පළමු පෙරහැරේදී එහි ගමන් ගත් අලියෙකු කුලප්පු වීම හේතුවෙන් දැඩි නොසන්සුකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
එහිදී නොසන්සුන් වූ බැතිමතුන් සහ නරඹන්නන් ඒ මේ අත දිවයාම හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.
තුවාලකරුවන් කතරගම රෝහලට කඩිනමින් ඇතුළත් කර ඇති අතර, ඔවුන් අතර අසාධ්‍ය තත්ත්වයේ රෝගින් නොමැති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
Test email