කුරුවිට පොලිස් වසමේ වලදුර ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරගිය යාම හේතුවෙන් බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයාට කතුරකින් ඇන ඊයේ (අප්‍රේල් 28) රාත්‍රී කාලයේ ඝාතනය කරනු ලැබ ඇති බව පොලිසිය පවසයි.
වැඩිමහල් සහෝදරයා බරපතළ තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 19ක් වූ වලදුර, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 17ක් වූ සැකකාර බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
මේ පිළිබඳව කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.