කදුරට ජනතා පෙරමුණේ සහයෝගය ජනාධිපති අපෙක්ෂක වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදිමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් තිරණය කර ඇති බව කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

වි.රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් කියා සිටියේ (03) දින හැටන් සහ නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන පාසල් වල 2023 වසරේ පැවති පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු සිසුවියන් වෙනුවෙන් සහතික පත් සහ තිළිණ ලබාදිමේ උත්සවයකට සහභාගි වෙමිණි.

මෙම උත්සවය හැටන් කුඩාඔය ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්විණ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ තම පක්ෂයේ සහය ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිමට තිරණය කිරිම සම්බන්ධයෙන් නිල ප්‍රකාශය මේ මස (08) දින ප්‍රකාශයට පත් කරන බවයි.

වතු කම්කරුවන් කුඩා තේ වතු හිමියන් බවට පත් කිරිම, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිම, වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් සහ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් ඉහල නැංවිම, වතු සම්භවයක් ඇති දැනට කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින වතුකරයේ ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදිම යන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කර එකගතාවයක් ලබාගෙන ගිවිසුමක් අත්සන් කිරිමෙන් පසු තම පක්ෂයේ පුර්ණ සහයෝගය ජනාධිපති අපෙක්ෂක වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන බවයි.

උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ජනාධිපතිවරණය සදහා දමිල අපෙක්ෂකයෙකු ඉදිරිපත් කිරිමෙන් කිසිදු ඵලක් නොමැති බවත්, දැනටමත් ජනාධිපති මැතිවරණය සදහා 15 දෙනෙකු පමණ මැතිවරණ කොමසාරිස් කාර්යාලයට මුදල් තැන්පත් කර ඇති නිසා දමිල අපෙක්ෂකයෙකු ඉදිරිපත් කිරිමෙන් කිසිදු ඵලක් නොමැති බවද රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් පැවසිය.

(හැටන් රංජිත් රාජපක්ෂ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here