2024 ජනාධිපතිවරණයේදි කදුරට තරුණ හඩ සංවිධානයේ සහය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදෙන බව එම සංවිධානයේ කැදවුම්කරු සමිර මදුසංඛ මහතා පැවසිය.
එම සංවිධානය විසින් (13) දින හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකදි සමිර මදුසංඛ මහතා ඒ බැව් පැවසිය.
මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු එම සංවිධානයේ සමාජිකයන් කියා සිටියේ රට අනුරට රට පෙරට යන මැයෙන් මුළු ලෝකයේම සිටිම ශ්‍රි ලාංකික තරුණ ප්‍රජාව මාලිමාව වටා එක්වන අවස්තාවේ වතුකරයේ සිටින තරුණ ප්‍රජාවද ජාතික ජන බලවේගය සමග එක්විමට තිරණය කල බවයි.
වතුකරයේ පවතින ආර්ථික ගැටළුව, අධ්‍යාපන ගැටළුව, නිවාස සහ ඉඩම් ගැටළු වලට වසර 76 ක් තිස්සේ මේ රට පාලනය කල පාලකයින් විසදුම් ලබා නොදිම හමුවේ කදුරට තරුණ හඩ සංවිධානය අලුත් මාවතක් ඔස්සේ ගමන් කරමින් නව වෙනසට දායකත්වයක් ලබාදිමට තිරණය කල බවයි.
වතුකරයේ අධ්‍යාපනය ලබා රැකියා විරහිත විශාල තරුණ තරුණියන් පිරිසක් සිටින බවත්, එම ප්‍රජාවට විසදුම් ලබාදිමට හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බවයි වැඩිදුරටත් කියා සිටියේ.
(හැටන් රංජිත් රාජපක්ෂ )