කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ කනිෂ්ඨ සේවකයන් දෙදෙනෙකුට පහරදුන් බවට චෝදනා එල්ලවූ විශේෂඥ වෛද්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් කල කල කිරීමට පත් ව නියමිත දිනට වසර දෙකකට පෙර සේවයෙන් විශ්‍රාම යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ සම්බන්ධ ලිපිය භාර දී ඇති බව වෛද්‍ය වෘත්තීය සමිති සඳහන් කරනවා.
මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව සිදුකළ වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයින් සහය දැක්වීම සම්බන්ධයෙන් සේවක පිරිස සහ අදාළ වෛද්‍යවරයා අතර ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසු මෙම පහරදීම සිදුව තිබෙනවා.