දොඩංගොඩ පොලිසිය විසින් නීති විරෝධී මත්පැන් තොගයක් සමග අද අත්අඩංගුවට ගත් පුද්ගලයකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් නිසා මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ දොඩංගොඩ , වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව 58 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි.
මියගොස් ඇති තැනැත්තා නීති විරෝධී මත්පැන් තොගයක් සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පපුව රිදෙන බව දැනුම් දීමෙන් පසු පොලිස් නිළධාරීන්ට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඔහුව 1990 සුවසැරියෙන් කඩිනමින් කළුතර නාගොඩ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
නමුත් රෝහල් ගතකිරීමේදී ඔහු මියගොස් ඇති බවත් පැවසෙනවා.