කහවත්ත වැල්ලඳුර ප්‍රදේශයේ නිවසක් තුල ඝාතනයට ලක් වු මවගේ මරණයට සැකපිට සිය බාල දියණිය අද (16) දා අළුයම අත්අඩංගුවට ගෙන ඇතැයි කහවත්ත පොලිසිය පවසනවා.
කහවත්ත වැල්ලඳුර වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ජයසුන්දර මුදියාන්සේලාගේ විනිතා ජයසුන්දර නැමැති හැත්තෑ එක් හැවිරිදි මවක ඉකුත් 13 වැනිදා කපා කොටා ඝාතනය කර තිබුනා.
ඇය සිය දියණිය සමග එම නිවසේ පදිංචි වි සිට ඇති අතර සිය දියණිය රැකියාවට ගොස් නැවත නිවසට පැමිණෙන විට ඇය කැපුමි තුවාල සහිතව ඝාතනය ලක් සිටි බවට ඇය කහවත්ත පොලිසිය වෙත දැනුම් දිමක් කර තිබුණා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති දියණිය රජයේ රැකියාවක නිරත තිස් අට හැවිරිදි අවිවාහක තැනත්තියක බව පොලිසිය පවසනවා.
වැඩිදුර විමර්ශන කහවත්ත පොලිසිය විසින් සිදු කරයි.
(බලන්ගොඩ – සම්පත් ප්‍රියනන්දන)