කහවත්ත වැල්ලඳුර වෙලේවත්ත ප්‍රදේශයේ මවක ඝාතනය කිරිමෙිි සිද්ධියේ සැකකාර බාල දියණිය ලබන 01 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා අද (22) දා නියෝග කලා.
කහවත්ත වැල්ලඳුර වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි තිදරැ මවක ඉකුත් 13 වැනිදා ඝාතනයට ලක්ව තිබුනා.
ඝාතනයට ලක් වු මවගේ මරණයට සැකපිට සිය බාල දියණිය ඉකුත් (16)දා කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණ අතර එහිදී සැකකාරිය අද (22) දා දක්වා ඇය රක්ෂිත බන්ධනාගාර ගත කෙරිනා.
කහවත්ත වැල්ලඳුර වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ජයසුන්දර මුදියාන්සේලාගේ විනිතා ජයසුන්දර නැමැති හැත්තෑ එක් හැවිරිදි මවක ඉකුත් 13 වැනිදා කපා කොටා ඝාතනය කර තිබුනේ නිවස පිටුපසයි.
ඇය දියණිය සමග එම නිවසේ පදිංචි වි සිට ඇති අතර සිය දියණිය රැකියාවට ගොස් නැවත නිවසට පැමිණෙන විට ඇය කැපුමි තුවාල සහිතව ඝාතනය ලක් සිටි බවට ඇය කහවත්ත පොලිසිය වෙත දැනුම් දිමක් කර තිබුණි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති දියණිය කහවත්ත ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිළධාරිනියක ලෙස කටයුතු කරන තිස් අට හැවිරිදි අවිවාහක තැනත්තියක බව පොලිසිය පවසනවා.
එම කාන්තාව ඝාතනය ලක්ව සිටි ස්ථානය ආසන්නයේ තිබිි අත් ඔරලෝසුවක් පොලිස් නිළ සුනඛයන් විසින් සොයා ගෙන තිබෙන අතර එය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බාල දියණියගේ බවට තහවුරු කර ගැනිමත් සමගයි ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.
(බලන්ගොඩ – සම්පත් ප්‍රියනන්දන)