Hot News

කළුතර ලැගුම්හලක සිටි රුසියන් ජාතික කාන්තාවක් නිදියහන මතම මිය ගිහින්

කළුතර ලැගුම්හලක තාවකාලිකව පදිංචිව සිටි රුසියන් ජාතික කාන්තාවක අද උදෑසන කාමරයේ ඇඳක් මත මියගොස් සිටියදී සොයා ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නඩීස්ඩා බොඩ්නර් නමැති 74 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.

මාස එකොළහකට පමණ පෙර දිවයිනට පැමිණි ඇති කාන්තාව එම නිවාඩු නිකේතනය කුලියට ගෙන පදිංචිව සිට ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත දේහය කළුතර ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව බව පොලිසිය සඳහන් කරයි.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

(සම්පත් කුලරත්න- කළුතර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version