Politics
ක්‍රිකට් පරිපාලනය රටට ද්‍රෝහී වුණා. ජනතාවනි රට වෙනුවෙන් නැගී සිටින්න – සජිත්

හැමදාම බෙදෙන පාර්ලිමේන්තුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීමට සහ ගම් නගර බිම් මට්ටිමින් පළාත් හා ක්‍රිකට් සමාජ මට්ටමින් දියුණු කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් එකට එකතු වූ බවත් එවැනි තත්ත්වයක් තුළ ඊයේ රාත්‍රියේ අයි.සී.සී එක අප රටට ක්‍රිකට් තහංචියක් දමා ඇති බවට දැන ගන්නට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් අද උදේ ඊ. එස්. පී. එන්. නාලිකාව නියෝජනය කරන ක්‍රිර්ක් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කර සිටියේ මෙම තහනම ලබා දීමට අවශ්‍ය ගොනුකර ඇත්තේ අපේම රටේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන ආයතනය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේම රටේ ආයතනයක් රටට විණ කරන්න කටයුතු කර ඇති බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිටින්නේ දේශදේරා්හියෝ සහ රාජදේරා්හියෝ බවත් ඔවුන් සමස්ත පුරවැසියන්ටම දේරා්හිකම් සිදුකර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (11) විපක්ෂ නායක කාර්යාලයේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.
එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ වාර්තා වන ආකාරයට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමේ වරම් අහිමි විය හැකි බවත් ය. එසේම තමන්ගේ හොර ගනුදෙණු, දූෂිත මුදල් ගනුදෙණු සහ ක්‍රියාදාම ප්‍රජාතන්ත්‍රවාදය පෙරටු කර ගෙන ආරක්ෂා කර ගැනීමට යන බවත් ඔවුන් අයි. සී. සී යට කියා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව බිහි වූ ක්‍රිකට් බෝඩ් එකට විවිධ බාධා පැමිණෙන බවත් ය. ඔවුන් එසේ කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදීව බිහි වූ ක්‍රිකට් බෝඩ් එකට අල්ලස් චෝදනා, දූෂණ ක්‍රියාවල නිරත වූ බවට චෝදනා, පගා ගැසීම් සහ කොමිස් ගැසීම් පුළුවන්ද කියා ගැටලු සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2018 සංචාරයේ දී එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී විකාශන අයිතිය වෙනුවෙන් අප රටට ලැබෙන්න ඇති ඇ. ඩොලර් මිලියන 5.5කට වූ දෙයක් නොදන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නමින් පිටරට ඇති ගිණුම්වල එම ලක්ෂ 10175ක මුදලක ඇති බව පැවසුවත් එයට වුන දෙයක් සොයා ගත නොහැකි බවත් සැබවින්ම එම මුදල් යොමුවිය යුත්තේ රටේ ක්‍රිකට් දියුණු කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉන්දියාවේ ක්‍රිකට් දියුණු කරන්න ගෙන ආ ලෝඩා වාර්තාවට කිසිදු තහනම් නියෝගයක් නැති වුවත් ලංකාවේ ක්‍රිකට් දූෂණ ක්‍රියා ඇතුළත් කුසලා සරෝජනී වාර්තාවට චිත්‍රසිරි වාර්තාවට නිතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි ලෙස තහනමක් ගෙන ඇති බවත් ලංකාවේ එවැනි වාර්තා තහනම් වීම පුදුමයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙසේ තහනම් නියෝග ගන්නා විට ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කරන්නේ කෙසේද කියා ගැටලු සහගත බවත් දිගින් දිගටම තහනම් නියෝග ගන්නේ නම් මෙම වාර්තාවලින් පළක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
මෙසේ හොරා කාපු මුදල් අයිති රටේ ජනතාවට බවත් මෙසේ මුදල් හොරා කන විට කොන්ද පන නැති පුද්ගලයන් සේ බලා සිටිනවාද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් පාර්ලිමේන්තුවද පක්ෂ භේදයකින් තොරව ක්‍රිකට් වෙනුවෙන් එකට එකතු වූවා සේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ලක්ෂ 220ක් වූ ජනතාව ද එකට එකතු වී නැගී සිටිය යුතු බවත් රට බංකොලොත් වූයේ පවුල්වාදය සහ ගජමිතුරු වාදයේ හොරා කෑම නිසා බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් පවා ආක්‍රමණය කර ඇති බැවින් ඊට විරුද්ධව එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Politics
ජනපති දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය ඩුබායිහි පැවැත්වෙන COP 28 සමුළුවේදී අද (03) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
පැරිස් සම්මුතිය සමඟ ලෝකයේ රටවල් අනුගතව සිටියද, එහිදී එකඟ වූ ඉලක්ක සපුරා ගැනීමට එම රටවලට සහාය දැක්වීම සඳහා සැලකිය යුතු ආයතනික වෙනස්කම් කිසිවක් ක්‍රියාත්මක නොවු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එම කඩිනම් අවශ්‍යතාව හඳුනා ගනිමින් දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ තීරණාත්මක ප්‍රයත්නයන්ට දායක වීමට අවශ්‍ය ධාරිතා ගොඩනැගීම සහ පර්යේෂණ කටයුතු දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් (ICCU) පිහිටුවීමට තමා යෝජනා කළ බවද ජනාධිපතිවරයා පැවසීය.
යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ දැනටමත් වෙන් කරන ලද අක්කර 600 ක ඉඩමක ස්ථාපිත කිරීමට නියමිත අතර මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවන බවත් එය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා ලෝකයේ සෑම රටකම සහය සහ දායකත්වයට ඊට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
බංග්ලාදේශය, සීෂෙල්ස් සහ මෝල්ඩෝවා වැනි රටවල් දැනටමත් මෙහි කටයුතු සඳහා සහාය පළ කර ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන එක් ජාතියක පමණක් වගකීමක් නොවන අතර සමස්ත ලෝකයම ඒ සමඟ අත්වැල් බැඳගත යුතු බවද වැඩිදුරටත් සඳහන් කළේය.
Politics
“නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනපති COP28 සමුළුවට ඉදිරිපත් කරයි

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අභියෝගයට මුහුණ දීම සහ නිවර්තන කලාපීය ජාතීන් සඳහා තිරසර සංවර්ධනයක් සහතික කිරීම අරමුණු කරගත් අනාගතවාදී වැඩපිළිවෙළක් වන “නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (02) COP28 සමුළුව වෙත ඉදිරිපත් කළේය.
දේශගුණික අරමුදල්වල ආකෘතිමය වෙනසක් සහ ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා බහුපාර්ශ්වික ප්‍රවේශයක අවශ්‍යතාව මෙම සැලැස්ම කඩිනම් කිරීමට හේතු වූ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
වසර 2030 වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමේ ඉලක්කය ඉටුකර ගැනීමේ අවිනිශ්චිතතා පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශනය ආරම්භ කළේය. මෙම තීරණාත්මක ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇති 50%ක අවස්ථාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අනෙකුත් රටවලින් මූල්‍යධාර ලැබීම අපේක්ෂා කළ නොහැකි බවද කියා සිටියේය.
එබැවින් මෙම අරමුදල් සපයා ගැනීමට නිවර්තන සහ නිවර්තන නොවන රටවල් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම වනාන්තර, වගුරු බිම් සහ කඩොලාන වැනි අත්‍යවශ්‍ය ස්වභාවික සම්පත් කේන්ද්‍ර කර ගත් ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කර ඇති බවත්, ගෝලීය උණුසුම ඉහළ යාමට එරෙහිව සටන් කිරීමට මෙම ආයෝජන අත්‍යාවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
දේශගුණික විපර්යාසවලට මහුණදීමේ දී වාර්ෂිකව වැය කරන ඩොලර් ට්‍රිලියන ගනණක මුදල් ඉතිරි කර ගැනීමට මේ තුළින් හැකියාව ලැබෙනු ඇති බවද පැවසූ ජනාධිපතිවරයා පෞද්ගිලක අංශයේ දායක්තවය ද මේ සඳහා ලබා ගැනීමේ හැකියාවද පෙන්වා දුන්නේය.
නීල ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර ඉන්දියානු සාගරයක් නිර්මාණය කිරීම සඳහා ඉන්දියානු සාගර වට අද්දර සංගමය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම සහ තිරසාර ඉන්දියන් සාගරයක් පිළිබඳ ප්‍රයත්නයන් ලොව විශාලතම කාබන් අවශෝෂකය නිර්මාණය කරනු ඇති බවද සඳහන් කළේය.
මාලදිවයින, කෙන්යාව, බ්‍රසීලය යන රටවල ජනාධිපතිවරුන් මෙන්ම එමානුවෙල් සහ ප්‍රංශ ජනපති මැක්‍රොන් ඇතුළු ලෝක නායකයන් සමඟ සිදු කළ සාකච්ඡාවලදී, ඔවුන් මෙම වැඩපිළිවෙළ පිළිබඳ දැඩි උනන්දුවක් දැක් වූ බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය .
නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ සොයා ගැනීම් බ්‍රසීලයේ COP30 හි ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට යෝජිත දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය (ICCU) සඳහා වන සැලැස්ම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී එළිදක්වනු ලැබීය. මෙම විශ්වවිද්‍යාලයේ අරමුණ වනුයේ දේශගුණක විපර්යාස මැඩ පැවැත්වීම කෙරෙහි ධාරිතා ගොඩ නැංවීම සහ මධ්‍යගත පර්යේෂණ සඳහා අවකාශ සැළසීමයි.
දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අවශ්‍ය අරමුදල් ඒකරාශී කර ගැනීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් මිදීමේ අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මෙම ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය මගපෙන්වනු ඇති බවද සඳහන් කළේය.
ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් මහතාද මෙම අවස්ථාව සඳහා සහභාගි වූ අතර දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට ප්‍රශංසාව පළ කළ මැල්කම් ටර්න්බුල් මහතා ඉන්දියානු සාගර කලාපය ආරක්ෂා කර ගැනීම එම රටවල් ඉදිරියේ ඇති විශාලතම අභියෝගය බවද පැවසීය.
Politics
ජනපති රනිල් සහ බිල් ගේට්ස් අතර හමුවක්

ඩුබායි හි පැවැත්වෙන COP28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව බිලියනපතියෙකු වන බිල් ගේට්ස් හමුවී තිබෙනවා.
ඒ අනුව කෘෂිකාර්මික නවීකරණය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති අතර ශ්‍රී ලංකාව දියත් කර ඇති හරිත වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පෙන්වාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් COP28 සමුළුවේදී ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය (ICCU) නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබෙනවා.
-
Hot News3 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports3 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports1 day ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
Hot News2 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
World15 hours ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News2 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
Hot News3 days ago
වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්