මුරුතලාව කුරුගම ප්‍රදේශයේ දී ක්‍රිකට් පිත්තකින් පහර දී 55 හැවිරිදි වතු කම්කරුවෙකු ඝාතනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පිය පුතු දෙපළක් පේරාදෙණිය පොලීසිය විසින් පෙරේදා (20) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් 26 හැවිරිදි පුද්ගලයා ඝාතනයට ලක් වූ පුද්ගලයා ගේ දියණිය ගේ විවාහක සැමියා බවත් මේ වනවිට ඔවුන් දික්කසාද වීම සඳහා නඩු මගට යොමුව සිටින බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
සැකකරුවන් ඝාතනයට ලක් වූ පුද්ගලයා ගේ නිවස ඉදිරිපිටට 19 දා රාත්‍රියේ පැමිණ කලහකාරී ලෙස හැසිරෙමින් සිටිය දී 26 හැවිරිදි සැකකරු ක්‍රිකට් පිත්තක් ගෙන නිවස තුළට ඇතුළු වී මෙම පහරදීම සිදුකර තිබෙන බවට සාක්කි මගින් තහවුරු වී ඇතැයි පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් කලහාකාරි ලෙස හැසිරෙමින් පියා ට පහර දෙත් දී මියගිය පුද්ගලයා ගේ දියණිය පොලිස් හදිසි ඇැමැතුම් අංශයට සිද්ධිය දැනුම් දී තිබේ.
ඒ් අනුව ජංගම මුර සංචාරයේ නිරතව සිටි පේරාදෙණිය පොලීසියේ උප පොලිස් පරීක්ෂක රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් එහි ගොස් ඇත.
ඒ් වනවිටත් තුවාල හේතුවෙන් සුවසැරිය ගිලන් රථයකින් 26 හැවිරිදි පුද්ගලයා රෝහල් ගතව ඇත්තේ තුවාල වලට ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යය බව පවසමිනි.
ඔහුට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ 16 හැවිරිදි පුතා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ඒ් වනවිට ඝාතනයක් සම්බන්ධව තොරතුරු අනාවරණය වී නොතිබීම හේතුවෙනි. පසුදින පෙරවරුවේ වත්තේ තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ මාරිමුත්තු ධර්මලිංගම් මියගොස් සිටිය දී සොයා ගෙන තිබේ.
ඒ් අනුව පරීක්ෂණ වෙනත් අතකට යොමුව තිබෙන අතර අත්අඩංගුවේ පසුවූ 16 හැවිරදි තරුණයා පවසා ඇත්තේ තම සහෝදරියගේ සැමියා ක්‍රිකට් පිත්තෙන් කළ පහරදීම හේතුවෙන් පියා මිය යන්නට ඇති බවයි.
ඒ් අනුව 16 හැවිරිදි තරුණයා පොලිස් ඇප මත මුදා හරිමින් අදාළ ඝාතනය සම්බන්ධයෙන් පියපුතු දෙපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පේරාදෙණිය පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතා ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ මොට අයුධයකින් හිසට එල්ල වූ පහරක් හේතුවෙන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනය නිසා මොළයට ලේ ගැලීමෙන් මරණය සිදුව තිබෙන බවයි.
(කමල් සුරවීර – මහනුවර )