Hot News
ක්‍රිකට් සහ ලංකාව – වික්ටර් අයිවන්ගේ විග්‍රහය

ලංකාව බොහෝ දේවල් වලින් අසමත් වෙමින් සිටි කාලයකදී ක්‍රිකට් ලොකු සමත් කමක් පෙන්වු විෂය ක්ෂේත්‍රයක් බට පත්ව තිබුණි.එය මිනිසුන්ට උදම් අනන්නට තිබූ එකම ක්ෂේත්‍රයද විය.
රටේ හැම දෙයක්ම දූෂිත වනවිට ක්‍රිකට් පමණක් පිරිසිදු තත්වය තිබිය නොහැකිය.අන්සියළු දේවල් සේම ක්‍රිකට්ද දූෂණයෙන් මුදාගැනීම අවශ්‍ය වුවත් එයට අත ගැසිය යුත්තේ ඉන් රටට ලැබෙන විදේශ ආදායම් පහළ දැමීමට හෝ අහිමි කිරීමට හේතු නොවන ආකාරටය.
ක්‍රිකට් ලංකාවට විදේශ විනිමය අදායම් උපයා දෙන වැදගත් මාර්ගයකි.2022 දී ලංකාව ක්‍රිකට් වලින් උපයන ලද ආදායම රුපියල් බිලියන 6.3 කි. 2024-27 වසර හතර තුළ අන්තර්ජාතික ක්‍රිකට් වලින් ලංකාව උපයන්නට අපේක්ෂිත වාර්ෂික ආදායම ඩොලර් මිලියන 27.12 ක් හෙවත් රුපියල් බිලියන 8.6 කි.
ලංකාව බංකොලොත් තත්ත්වයකට පත්ව ඒ තත්වයෙන් අත් මිදීමට දුෂ්කර උත්සහයක යෙදී සිටින රටකි.එවැනි තත්වයක් තුල අප එම අදායම පරදුවට තබා ක්‍රියාකරන තැනකට යායුතු නැත.ලංකාව ක්‍රිකට් සම්බන්ධයෙන් අනුගමනට කරමින් සිටින ප්‍රතිපත්ති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රතිපත්තිවලට පටහැනි වෙතොත් ජාත්‍යන්තර තරඟවලට තරඟ කිරීමේ අයිතිය අපට අහිමි කරන තත්වයක් ඇති විය හැකිය.
එසේම ක්‍රිකට් පිරිසිදු කිරීම සදහා පෙනී සිටින්නන් මෙම විවාදයේදී ඉන්දියාවට එරෙහිව එල්ල කරන චෝදනා ලංකාවට බරපතල ප්‍රශ්ණ ඇතිකරන තත්ත්වයක් ඇති කල හැකිය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට වැඩිම ආදායමක් ලැබෙන්නේ ඉන්දියාවෙනි.අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අන්තර්ජාතික ක්‍රිකට්වල මිඩියා රයිට්ස් විකිනීමෙන් උපයාගන්නා ආදායමෙන් ලොකුම පංගුවක් ( 85%ක් පමණ) උපයා ගන්නේ ඉන්දියාවෙනි.
අනෙක් අතට මේ විවාදය ඉන්දීය විරෝධි විවාදයක් බවට පත් වී තිබෙන අතර එය රට කෙරෙහි ඇතිකරන ප්‍රතිඵලය ඉතා විනාශකාරි විය හැකිය.ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව කතාකරන ප්‍රධාන කථිකයින් කිහිපදෙනාගේ විවේචනයට භාජනය වී තිබෙන ප්‍රධාන පුද්ගලයා බවට පත්ව සිටින්නේ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කරන ජේ.ශා ය.( Jay Shah) ඔහු ඉන්දියාවේ අගැමැති මෝදීට පමණක් දෙවැනිවන ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමති Amit shah ගේ පුතාය.
මෝදිගේ අනුප්‍රාප්තිකයා වනු ඇත්තේ ඔහුය.ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ප්‍රශ්ණ තිබෙනවා නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවත්වාගෙන යන නීති රීති හා ප්‍රතිපත්තිවලට අනුකූලව එම ප්‍රශ්ණ විසඳා ගත යුතුය.එය රටට නැති ප්‍රශ්ණ ඇති කොට රට ලොකු පාඩු ලබන තත්වයකට තල්ලු කිරීමට ඉඩ නොදිය යුතුය.
ලංකාව බංකොලොත් තත්ත්වයට පත්වුවිට එම බිහිසුණු හා දුෂ්කර අවස්ථාවේ දී අපට නිර්ලෝභි ලෙස ආධර කළේ ඉන්දියාව බව අපි අමතක නොකල යුතුය.ඉන්දියාව අපේ ආසන්නම අසල්වැසියාය.කලාපීය බලවතා පමණක් නොව ලෝක බලවතකුගේ තත්ත්වයටද යමින් සිටින රටකි.ලංකාව ඉන්දියාවට යටහපහත් තත්වයකින් ජීවත් විය යුතු නැත.එහෙත් ලංකාව ඉන්දියාව සමග සහයෝගයෙන් වැඩ කරන මිතුරු තත්ත්වයක මිස සතුරු තත්ත්වයකට පත් විය යුතු නැත.
Hot News
හිමිනමකගෙන් බැට කෑ සිසුවා රෝහලේ

පාසල් සිසුවෙකුට එම පාසලේ ගුරු හිමිනමක් කළ පහරදීමක් නිසා තුවාල ලැබූ සිසුවා රෝහල්ගත කර තිබෙනවා.
මෙසේ රෝහල් ගතකර තිබෙන්නේ මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකි.
Hot News
Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු

පුද්ගලික ඔත්තුකරුවකගෙන් ලද තොරතුරක් අනුව ලිංගික උත්තේජක පෙති 31750 ක් හා ලිංගික උත්තේජන ජෙල් පැකට් 259 ක් බලපත්‍රයක් නොමැතිව මෙරටට ආනයනය කර ගබඩා කර ගැනීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් හනීෆා මොහොමඩ් රූමි යන අවුරුදු 46ක ව්‍යාපාරිකයකුයි.
සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේ දි මෙම පෙති වර්ග සභ ජෙල් පැකට් ඉන්දියාවේ සිට සූක්ෂමව මාලු බෝට්ටු තුල සඟවා රැගෙන ආ බවත් විකිණීම සඳහා වෙනත් අයෙකුට මුදලට ලබා දෙන තෙක් මෙලෙස ගබඩා කර තිබූ බවටත් අනාවරණය චී ඇත.
සැකකරු හෙට දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ශක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.
Hot News
පස් දරු මවගේ සිරුර රාස්සැල්ලෙන් හමුවෙයි

පන්විල ගල්පිහිල්ල ප්‍රදේශයේ පදිංචිව සිට 80 හැවිරිදි පස් දරු මවකගේ සිරුර වත්තේගම රාස්සැල්ලේ තිබී අද (03) පෙරවරුවේ සොයා ගෙන තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පුරන්කුඹුරෙ ගෙදර විමලාවති නැමැති 86 හැවිරිදි පස් දරු මවකි.
මෙම 86 හැවිරිදි මව දරුවන් සමග නිවසේ පදිංචිව සිට ඇති අතර ඊයේ O2වනදා සවස සිට අතුරුදහන්ව තිබෙි පසුව රාත්‍රී කාලයේ සිට සොයා ඇති අතර අද 03 උදේ වරුවේදී රොස්සැල්ලේ තිබී ඇයගේ සිරුර සොයා ගෙන තිබේ.
ඇය රොස්සැල්ලට පැන දිවි නසා ගත්තාද නැත්නම් වැටී මිය ගියාද යන්න පිළිබඳව වත්තේගම පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මෙම මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී පැවැත්වීමට නියමතව තිබිණ.
වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් මත සැරයන් නවරත්න මහතා සාක්ෂි මෙහෙයවීය.
(මොහොමඩ් ආසික්)
-
Hot News3 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports3 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports1 day ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
Hot News2 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
World15 hours ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News2 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
Hot News3 days ago
වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්