ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ඒ මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් උද්ගත වී තත්ත්වය සම්බන්ධයෙන් පැමිණිල්ල සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇති කරුණු පිළිබඳව මෙන්ම ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සම්බන්ධව මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිතයි.
තමාට එල්ල වී ඇති මරන තර්ජන පිළිබඳවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරුණු ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.